ජනපති අපේක්ෂකත්වය ගැන මටත් හදිසියක් නෑ – ජනපති මෛත‍්‍රීපාල සිරිසේන

ඉදිරි ජනාධිපතිවරණය මේ වසරේ දෙසැම්බර් මස 07 වැනිදා පැවැත්වෙන බවත් අනෙක් පක්ෂ අපේක්ෂකයින් තෝරන තෙක් තමා ද බලා සිටින බව ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කියයි.

ජනපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ ඉන්දියාවේ නවදිල්ලි නුවරදී ජනමාධ්‍යවේදීන් සමග පැවැති විශේෂ සම්මුඛ සාකච්ඡුාවේදීය. එම සම්මුඛ සාකච්ඡුාවේදී ජනමාධ්‍යවේදීන් ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට යොමු කළ ප‍්‍රශ්න සහ ජනපතිවරයා ඊට ලබා දුන් සම්පූර්ණ පිළිතුරු පහත සඳහන් වේ.

අතිගරු ජනාධිපතිතුමනි, ඔබතුමා ඉදිරි ජනාධිපතිවරණයට තරග කරනව ද, ඒ වගේම බිම්ස්ටෙක් සංවිධානය ගත්තහම බිම්ස්ටෙක් සංවිධානයේ අනාගතය සහ එහි විෂය පථය කොයි ආකාරයෙන් වෙයිද, විශේෂයෙන්ම සාර්ක් සංවිධානය සමග ?

ශ‍්‍රී ලංකාවේ ඉදිරි ජනාධිපතිවරණය තියවෙන්නේ මේ වසරේ අවසානයේ. මැතිවරණය පැවැත්වෙන්නේ මේ දෙසැම්බර් මාසයේ 07 වෙනිදා. ශ‍්‍රී ලංකාවේ මැතිවරණ කොමිසම ඒ පිළිබද ප‍්‍රකාශයක් එසේ කරලා තිබෙනවා. මැතිවරණයට තවම අපට කල් තිබෙනවා. ලංකාවේ කිසිදු දේශපාලන පක්ෂයක් මෙතෙක් අපේක්ෂකයෙකු තෝරගෙන නැහැ, ආණ්ඩුව හෝ විපක්ෂය හෝ කිසිම පක්ෂයක්. ඒ නිසා මටත් හදිසියක් නැහැ, අනිත් පක්ෂ තෝරනකන් මමත් බලාගෙන ඉන්නවා මගේ තීරණයට එන්න.

Recommended For You

About the Author: Editor