
පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන විභාග කරන කමිටුව හමුවට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්යක්ෂ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ලබන සතියේ කැඳවීමට නියමිත බව වාර්තා වේ.
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු වූ ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ මරාගෙන මැරෙන කණ්ඩායමේ නායක මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් අත්අඩංගුවට ගැනීමට 2018 ජුනි මස 02 දින ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්යක්ෂ වශයෙන් නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ගනු ලැබූ වරෙන්තුව සහ ඉන් පසුව අනුගමනය කළ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පතිගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බව වාර්තාවේ.
මේ අතර එක්සත් ජාතික පක්ෂය අවධාරණය කරන්නේ කිසිවෙක් නොදන්නා, හමුදාවෙන් පළා ගිය පොලිස් ඔත්තුකරුවෙකුගෙන් ප්‍රකාශයක් මත ඉහළම පොලිස් නිලධාරියෙක් මේ ආකාරයෙන් අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට ගැටලූ සහගත බවයි.