පන්දුවාර 13කදී කොදෙව්වන්ට ඓතිහාසික ජයක්

පාකිස්ථානු කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර ඊයේ පැවැති තරගයෙන් කඩුලූ 07ක ජයක් ලැබීම බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමත් වුණා.

ප‍්‍රථමයෙන් පන්දුවට පහර දුන් පාකිස්ථාන කණ්ඩායම නොසිතූ ලෙස පන්දු ඕවර් 21.5කදී ලකුණු 105කට සියලූ දෙනාම දැවී ගියා. Fakhar Zaman පාකිස්ථානය වෙනුවෙන් ලකුණු පන්දු 16කට ලකුණු 22ක් වාර්තා කළ අතර Bahar Azam පන්දු 33කට ලකුණු 22ක් වාර්තා කළා. Wahab Riaz පන්දු 11කට ලකුණු 18ක් වාර්තා කිරීම සුවිශේෂත්වයක්.

කොදෙව් කණ්ඩායම වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරත වූ Oshane Thomas පන්දු ඕවර් 5.4කදී ලකුණු 27කට කඩුළු 04ක් ද Jason Holder පන්දු ඕවර් 05කදී ලකුණු 42කට කඩුළු 03ක් ද Andre Russell පන්දුවාර 3කට ලකුණු 4කට කඩුලූ 2ක් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක‍්‍රිඩා කළ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම පන්දුවාර 13.4කදී කඩුලූ 04කට ලකුණු 108ක් හිමිකර ගනිමින් ජයග‍්‍රහණය වාර්තා කළා. Chris Gayle පන්දු 34කදී ලකුණු 50ක් ද Nicocas Pooram පන්දු 19කදී ලකුණු 34ක් ද වාර්තා කළා.

Mahammad Amir පාකිස්ථානය වෙනුවෙන් පන්දු යැවූ පන්දුවාර 6කදී ලකුණු 26කට කඩුලූ 03ක් දවා ගත්තා.

Recommended For You

About the Author: Editor