ලක්ෂ 63කට විදුලිය දුන්නත් ලාභයක් තියෙන්නේ ලක්ෂ 17කින් පමණයි – අමාත්‍ය රවී කරුණානායක

ශ‍්‍රී ලංකාවේ විදුලි පාරිභෝගිකයින් ලක්ෂ 63ක් සිටින බවත් එයින් ලංවිම ලාභයක් ලබන්නේ ලක්ෂ 17කට විදුලිය ලබාදීමෙන් පමණක් බවත් විදුලිබල , බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

ඇමැතිවරයා අද බණ්ඩාරගම ප‍්‍රදේශයේ පිහිටි ”ආන්ටෙ ලෙකෝ ” ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් මේ බව ප‍්‍රකාශ කළේය.

එහිදී වැඩි දුරටත් කරුණු දැක්වූ ඇමැති රවී කරුණානායක මහතා,

මේ වනවිට අපේ සම්පූර්ණ ජනන ධාරිතාවය තිබෙන්නේ මෙගාවොට් 4100. ඉල්ලුම වසරකට කිලෝ වොට් බිලියන  18.800 ක්. වර්ෂාපතනය අඩු වෙද්දි කොහෙන්ද අපි නිෂ්පාදනය කරන්නේ. මේක ලංකා විදුලිබල මණ්ඩලයේම ප්‍රශ්නයක් නෙමෙයි. දේශපාලන තීන්දු තීරණ ගැනිමේ දුර්වලතාවත් මේ සඳහා බලපානවා.

වසර 15ක් 20 ක් නිවැරදි තීන්දු තීරණ  නොගැනීමේ ප්‍රතිවිපාක තමයි මේ. නමුත් අපි නොබියව ඒ තින්දු තීරණ අරන් තිබෙනවා. අපි හැමදේම ආනයනය කරලා ලේබල් කරන එකට තමයි කැමතියි. ලංකාවේ හදන දේවල් ප්‍රමිතියෙන් අඩුයි, සුද්දන්ගෙන් ගේන දේ තමයි හොඳ  කියන මතයේ තමයි බොහෝ දෙනා සිටින්නේ. මේ ආයතනය තුළින් අපි ඒ මතය බිද දමනවා .

මම අද මෙතෙන්ට ආවේ නිදහස් මනසකින්. ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ‘ආන්ටෙ ලෙකෝ ‘ ආයතනය මගින් මුළු රටටම මීටර් නිෂ්පාදනය කරන මතකයෙන් තමයි මම  මෙතෙන්ට ආවේ. අපි අද තීන්දුවක් ගන්නවා, මේ ආයතනය මේ රටේ 6% ක, 7% ක ඉල්ලුමක් සපුරන ආයතනයක් පමණක් නෙවෙයි,  සමස්ත ලංකාවටම මීටර් සපයන ආයතනක් බවට පත් කරන්න.  මෙතෙක් කාලයක් ස්මාර්ට් මිටර් 50,000ක්, Time of use meter  දෙලක්ෂයක් කියන දේ අද සිට වෙනස් වෙනවා.                                              

අද සිට රටටම ස්මාර්ට් මීටර් පමණයි. එළඹෙන අගොස්තු මාසේ 28 දා සිට මෙම මීටර් එක තුළ තිබෙන මෝඩම් එකත් මෙහිම නිෂ්පාදනය කරන්න ආරම්භ කරනවා. මෙහෙම තමයි අපි ඉදිරියට යන්න අවශ්‍ය  වන්නේ.

පාරිභෝගිකයන් ලක්ෂ 63 ක් මේ රටේ සිටිනවා. ඒකෙන් ලක්ෂ 51 ක්  ඒකක 120 කට අඩුවෙන් පාවිච්චි කරනවා. ඉතිරි ලක්ෂ 17 තුළින් තමයි ලංවිම ලාභයක් ලබන්නේ. ඒකෙන් තෙකලා විදුලිය සැපයුම් වසරකට 50,000 ක් 60,000 ක් පමණ අවශ්‍ය වෙනවා.

එළඹෙන අගෝස්තු මාසේ 28 වනදා සිට ඒ සඳහා අවශ්‍ය උපකරණත් මෙහිම හදන්න අපි පියවර ගන්නවා. මෙම නිෂ්පාදනයන් ශ්‍රී ලංකාවට පමණක් නෙමෙයි ජාත්‍යන්තර ප්‍රමිතියට නිෂ්පාදනය කරලා අපනයනය කිරීමටත් පියවර ගන්නවා. මේ තීරණ මීට වසර 15 කට කළින් ගන්න තිබුණ තීරණ. අපි මේවා ගන්නේ දේශපාලනය කරන්න නෙමෙයි”

Recommended For You

About the Author: Editor