
ආණ්ඩුව කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට හා ජපානයට විකුණා දමා තිබෙන බව ජවිපෙ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා අද (02) පැවැති මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.
ජනතාවට සිහින පෙන්වා පසුගිය 26 වැනි දින රටේ සම්පත් මේ ආකාරයට විකුණා දමා තිබෙන බවත් නැගෙනහිර ජැටිය ලබාදීමට ගිවිසුම් අත්සන් කර තිබුණත් ඊට අදාළව කොටස් බෙදීයන ආකාරය පිළිබඳව කිසිදු ගිවිසුමක් නොමැති බවත් බිමල් රත්නායක මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
කොළඹ වරායේ නැගෙනහිර ජැටිය බේරා ගැනීම උදෙසා පුළුල් දේශපාලන හා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගන්නා බවද බිමල් රත්නායක මහතා අවධාරණය කළේය.