න්‍යෂ්ටික අවි ගැන අමෙරිකාව සමග ගෞරවාන්විත කතාබහකට ඉරානය සූදානම්

ජාත්‍යන්තර නීතිරීති අනුගමනය කරමින් ඇමරිකාව ගෞරවාන්විත ප‍්‍රවේශයකට එළඹෙන්නේ නම් පමණක් තමන් යළිත් න්‍යෂ්ටික අවිහරණය පිළිබඳව ඇමෙරිකාව සමග කතාබහට සූදානම් බව ඉරාන ජනාධිපති හසන් රවුහානි පවසා තිබෙනවා.

එභෙත් ඉරානය සහ ඇමරිකාව අතර සම්බන්ධතා තවදුරටත් අවිනිශ්චිත බව ද ඔහු සඳහන් කරනවා.

මේ අතර ඉරාන – ඇමෙරිකා න්‍යෂ්ටික සාකච්ඡුා ගැන පසුගිය දා ප‍්‍රකාශයක් කළ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පවසා සිටියේ 2015 වසරේ එළඹි න්‍යෂ්ටික ගිවිසුම ප‍්‍රමාණවත් නොමැති බවයි. ඉරානයට අවශ්‍ය නම් නම්‍යශීලීව ශක්තිමත් ඉදිරි ගමනක් යාමට හැකියාව පවතින බව ද ඉරානය තුළ පාලන තන්ත‍්‍රයේ වෙනසක් ඇමරිකාව අපේක්ෂා නොකරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළා.

ඉරානය සමඟ න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත්වීමත් සමඟ ඔවුන්ට එරෙහි සම්බාධක පැනවීමට ඇමරිකාව තීරණය කළා. ඉරානයෙන් තෙල් ආනයනය නතර කිරීමට අනෙකුත් රට වලට ද බලපෑම් කිරීමටයි ඇමරිකා ජනාධිපතිවරයා පියවර ගත්තේ.

Recommended For You

About the Author: Editor