නායක දිමුත් වාර්තා පොත ලියද්දී ශ‍්‍රී ලංකාව යළිත් අසාර්ථක වෙයි

ඊයේ ශ‍්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැති තරගයෙන් පසු ජයක් ලැබීමට නවසීලන්තයට හැකියාව ලැබුණු. එම ජයග‍්‍රහණය ලබාගත්තේ එකම කඩුල්ලක් හෝ බිඳ නොවැටී වීම ද සුවිශේෂත්වයක්.

කාසියේ වාසිය දිනු නවසීලන්තය ප‍්‍රථමයෙන් පන්දුවට පහරදීමට ශ‍්‍රී ලංකාවට ආරාධනා කළා. ඒ අනුව පිටියට පිවිසි ශ‍්‍රී ලංකා පිතිකරුවන් ඉතාමත් අවාසනාවන්ත ලෙස පන්දු වාර 29.2කදී ලකුණු 136කට දැවී ගියා. ශ‍්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් හුදකලා සටනක නිතර වූ නායක දිමුත් කරුණාරත්න ආරම්භක පිතිකරුවෙකු ලෙස පැමිණ නොදැවී ලකුණු 52ක් ලබා ගත්තා. එය ලෝක කුසලාන තරගයක එක් පිතිකරුවෙක් නොදැවී ඉනිම පුරාම ක‍්‍රීඩා කළ දෙවැනි අවස්ථාව බවයි වාර්තා වන්නේ. ඒ අනුව දිමුත්ගේ නම ක‍්‍රිකට් වාර්තා පොතට ඇතුළත් වුණා.

පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කිරීමට පිටියට පිවිසි නවසීලන්ත ආරම්භක පිතිකරුවන් යුවල වූ ටින් ගප්ටිල් ලකුණු 73ක්දල කොලින් මුන්රෝ ලකුණු 58ක්ද ලබාගැනීමට සමත් වුණා. ඒ පන්දු ඕවර 16කදී. ඒ අනුව නවසීලන්තයට කඩුළු 10ක පහසු ජයක් හිමි වුණා.

තරඟයේ වීරයා බවට නවසිලන්ත කණ්ඩායමේ මැට් හෙන්රි පත් වුණා.

සටහන – කසුන් ප‍්‍රබෝධ සමරවීර

Recommended For You

About the Author: Editor