පූජිත් ජයසුන්දරගෙන් ජනපති මෛත‍්‍රීට චෝදනා – AFP කියයි

තමන්ව අනිවාර්ය නිවාඩු යැවීමට එරෙහිව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් පසුගිය දා ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ පෙත්සම මගින් පාස්කු ඉරිදා ප්‍රහාරය වැළැක්වීමට නොහැකිවීම සම්බන්ධයෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට චෝදනා එල්ල කර ඇතැයි AFP පුවත් සේවය සඳහන් කරයි.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ බුද්ධි අංශ හා ආරක්ෂක අංශ අතර සන්නිවේදනය බිඳ වැටී ඇති බවත් පෙත්සමේ සඳහන් කරුණු උපුටා දක්වමින් AFP පුවත් සේවය සඳහන් කර ඇත.

ඉස්ලාම් ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් තමන් කරගෙන ගිය පරීක්ෂණ නවත් වන ලෙස රාජ්‍ය බුද්ධි සේවය තමන්ට අණ කළ බවද, එසේම රාජ්‍ය බුද්ධි සේවාව ලැබී තිබුණ තොරතුරු සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය බරපතල ලෙස අවධානය යොමුකර නොමැති බව ද පූජිත් ජයසුන්ර මහතා පිටු 20ක තම මූලික අයිතිවාසිකම් පෙත්සම තුළ සඳහන් කර තිබෙන බව ද AFP වාර්තාව වැඩි දුරටත් සඳහන් කරයි.

Recommended For You

About the Author: Editor