
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ ට්‍රම්ප් වගේම ඔහුගේ තරුණ සුරූපි බිරිඳ මෙලනියා ද පුවත් මවන්නියක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. මෙලනියාගේ අති සුන්දර රූ සපුව මෙන්ම මිල අධික අති සුඛෝපභෝගී විලාසිතා ද මාධ්‍යවල නිරන්තර අවධානයට ලක් වෙනවා.
මේ අතර ට්‍රම්ප් – මෙලනියා යුවල පසුගිය දා ජපානයේ විශේෂ සිවුදින සංචාරක නිතර වුණා. එහිදී නව අගමැතිවරයා වගේම පසුගිය දා ඔටුනු පළන් නරහිතෝ අධිරාජ්‍යයාද හමුවීමට ට්‍රම්ප් – මෙලනියා යුවළ පියවර ගත්තා.
තවත් දහසකුත් එකක් රාජකාරී – උත්සව මැද විදෙස් මාධ්‍යවේදීන්ට සුන්දර මෙලනියාගේ අලූත් විලසිතා ගැනත් සිත ගියා. එහිදී මෙලනියා පසුපස යමින් ඇගේ විලාසිතා ඡුායාරූපගත කළ මාධ්‍ය අවසානයේදී සඳහන් කළේ මෙලනියා මෙම සිවුදින සංචාරයේදී පමණක් ඇමෙරිකානු ඩොලර් 20,000කට වඩා වටිනා ඇඳුම් වලින් සැරසී සිටි බවයි.






