
පාස්කු ඉරිදා ප්‍රහාරය හේතුවෙන් බිඳ වැටීමට ලක් වූ මෙරට ආර්ථිකය යළි ශක්තිමත් වෙමින් පවතින බවත් ඊට සමගාමීව රුපියල ද ශක්තිමත් වෙමින් පවතින බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
ඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව රුපියල සියයට 03.7කින් අති ප්‍රමාණය වී ඇති අතර අපේ‍්‍රල් මාසය වන විට ශ්‍රී ලංකාවේ දළ විදේශ සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 7.2ක්ව පැවැති බවයි මහ බැංකුව වැඩි දුරටත් සඳහන් කරන්නේ.
පාස්කු ඉරිදා ප්‍රහාරය හේතුවෙන් දුර්වල වූ ආර්ථිකය යළි ශක්තිමත් කිරීම සඳහා ඇතැම් නීති ලිහිල් කරමින් සිටින බව ශී‍්‍ර ලංකා මහ බැංකුව වැඩි දුරටත් සඳහන් කරනවා.