
‘‘රජයට අයත් කාර්යාල පරිශ්‍රවල ආරක්ෂාව තහවුරු කිරීම’’ මැයෙන් පසුගිය 29 වැනි වැනිදා රාජ්‍ය පරිපාලන සහ ආපදා කළමනාකරණ අමාත්‍යාංශය මගින් නිකුත් කළ චක්‍රලේඛය වහාම අත්හිටුවීමට රජය තීරණය කර තිබේ. රාජ්‍ය සේවක සේවිකාවන්ගේ කාර්යාලයීය ඇඳුම් සම්බන්ධයෙන් වූ මෙම චක්‍රලේඛය රාජ්‍ය සේවකයින්ගේ, විශේෂයෙන් සේවිකාවන්ගේ දැඩි විවේචනයට ලක්විය.