
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 2289 දෙනකු අත්අඩංගුවට ගත් බවත් ඔවුන්ගෙන් 423 දෙනකු රිමාන්ඞ් බන්ධනාගාර ගත කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි.
ජාතික ආරක්ෂාව පිළිබඳව ජනමාධ්‍ය දැනුවත් කිරීම සඳහා අද පැවැති ප්රවෘත්ති සාකච්ඡුාවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේය.
මෙහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් රඳවා තබාගෙන ප්‍රශ්න කරන සැකකරුවන්ගෙන් 68 දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සහ 26 දෙනකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාරයේ රඳවා තබා ගෙන ඇති බවයි.
අධිකරණයෙන් සහ පොලිස් ඇප මත පුද්ගලයින් 1655 දෙනකු සිටින බව ද ගුණසේකර මහතා වැඩි දුරටත් සඳහන් කළේය.