ප‍්‍රසාද ලකුණු සටහන – ජූනි 02 වැනි දිනට-

ලෝන කුසලාන තරගාවලියේ පළමු වටයේ තරග 10ක් ජූනි 02 වැනිදා අවසන් වන විට පවත්වා තිබුණා. ඒ අනුව ඒ ඒ කණ්ඩායම් විසින් දිනාගත් ‘‘ප‍්‍රසාද ලකුණු’’ සටහන අයි.සී.සීය විසින් ප‍්‍රකාශයට පත්කර තිබෙනවා.

මේ වන විට ප‍්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම එක් තරගයකට බැගින් මුහුණ දී එය ජයග‍්‍රහණය කර (දළ ලකුණු ලබා ගැනීමේ වේගයද සහිතව) රටවල් 05ක් සිටිනවා. ඒ අනුව ඔවුන් විසින් දිනාගෙන ඇති ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 02ක්. එම රටවල් වන්නේ පිළිවෙළින් බටහිර ඉන්දිය කොදෙව්, නවසීලන්තය, එංගලන්තය, ඔස්ටේ‍්‍රලියාව, සහ බංග්ලාදේශයයි.

ඉන්දියාව 02 වැනි දා දක්වා කිසිදු තරගයකට මුහුණ දී සිටියේ නැහැ. දකුණු අප‍්‍රිකාව තමන් මුහුණ දුන් තරග 02ක පරාජයට පත්ව සිටිනවා. ඇෆ්ගනිස්ථානය, ශ‍්‍රී ලංකාව සහ පාකිස්ථානය ඊළඟට ප‍්‍රසාද ලකුණු සටහනේ සිටිනවා. ඒ අනුව මේ වන විට අවසාන ස්ථානයේ (10) පාකිස්ථානය ද 09 වැනි ස්ථානයේ ශ‍්‍රී ලංකාව ද සිටිනවා.

මේ තත්ත්වය තවත් විස්තර කරන්නේ නම් ප‍්‍රසාද ලකුණු සටහනේ සහ දළ ලකුණු ලබා ගැනීමේ වේගය අනුව + 5.802ක් ලබාගත් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම ප‍්‍රථම ස්ථානයේ සිටින අතර ප‍්‍රසාද ලකුණු කිසිවක් ලබා නොගෙන දළ ලකුණු ලබා ගැනීමේ වේගය – 5.802ක් වන පාකිස්ථානය දසවන ස්ථානයේ සිටිනවා. 09 වන ස්ථානයේ සිටින ශ‍්‍රී ලංකාවේ දළ ලකුණු ලබා ගැනීමේ වේගය – 5.754ක්

Recommended For You

About the Author: Editor