බෙංගාලි ව්‍යාඝ‍්‍රයින් ක‍්‍රිකට් වංශය අලුතින් ලියන හැඩ

‘‘96 දී අපි ලෝක කුසලාන දිනා ගන්න කොට බංග්ලාදේශය හිටියේ කොහෙද ? අපිත් එක්ක තරහා වෙලා ගිය වට්මොර් වැඬේ හරියට කළා’’ ඊයේ (02) දකුණු අප‍්‍රිකාව සහ බංග්ලාදේශය අතර පැවැති තරගයෙන් බංග්ලාදේශය ජයග‍්‍රහණය කිරීම ගැන විමතියට පත් ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියෙක් තමන්ගේ හැඟීම වචනවලට පෙරළුවේ එහෙමයි.

ඇත්ත තමයි ‘‘බෙංගාලි ව්‍යාඝ‍්‍රයින්’’ තමන් මුහුණ දුන් ආරම්භක තරගයේදීම ක‍්‍රිකට් ලෝකය සෙළවීමට සමත් වුණා.

ඊයේ ලන්ඩන් නුවර ‘‘කෙනිංටන් ඕවල් ’’ ක‍්‍රීඩාංගණයේදී බංග්ලාදේශය සහ දකුණු අප‍්‍රිකාව අතර පැවැත් වුණේ ලෝක කුසලාන තරගාවලියේ 5 වැනි තරගය.

තරගයේ කාසියේ වාසිය දිනා ගත්තේ දකුණු අප‍්‍රිකානු කණ්ඩායමයි. ඔවුන්ගේ ආරාධනයෙන් බංග්ලාදේශ ආරම්භක පිතිකරුවන් යුවල වන ‘‘තමීමි ඉක්බාල් සහ සර්කාර් ඉනිම ආරම්භ කළා. ආරම්භය අපේක්ෂා කළ තරම්ම සාර්ථකයි. ආරම්භ පිතිකරුවන් යුවග පන්දුවාර 8.2කදී ලකුණු 60ක් රැස් කළා.

බංග්ලාදේශයේ ප‍්‍රථම කඩුල්ල ලෙස ලකුණු 60දී තමීම් ඉක්බාල් ලකුණු 16කට දැවි ගියා.

ඊළඟට පිටියට පිවිසිසේ තුන් ඉරියව් ක‍්‍රීඩකයෙක් වන ‘‘ශකීබ් අල් හසන්’’. ඒත් ඒ ආරම්භය එතරම් සාර්ථක වුණේ නැහැ. ලකුණු 15ක් වැනි කෙටි සබඳතාව නිමා කරමින් ලකුණු 75දී බංග්ලාදේශයේ දෙවැනි කඩුල්ල ලෙස සර්කාර් දැවී ගියා.

ලකුණු 75/2ක් ලෙස තරමක් අසීරු තත්ත්වය සිටි බංග්ලාදේශ ඉනිම ගොඩනැගුණේ ඉන් පසුවයි. සිවුවන පිතිකරුවා ලෙස පිටියට පිවිසි ‘මුෂිෆිකාර් රහීම්’’ සහ ශකීබ් ලකුණු 142ක ශක්තිමත් සම්බන්ධතාවක් වාර්තා කිරීමට සමත් වුණා.

ශකීම් ලකුණු 75ක් රැස්කර ගෙන සිටියදී සිවුවන කඩුල්ල ලෙස ඔහු දැවී ගියා. ඒ වන විට මුළු ලකුණු සංඛ්‍යාව 217ක්. බංග්ලාදේශය ලකුණු 250 කඩඉම ඉක්මවා යන විට ලකුණු 78ක් රැස්කර ගෙන සිටි මුෂ්කර් ද දැවී ගියා.

ලකුණු 250ක් යනු දකුණු අප‍්‍රිකාව වැනි බලවත් කණ්ඩායමක් ඉදිරියේ කිසිසේත්ම ප‍්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක් නොවෙයි. ඒ අතර අවසන් පන්දු ඕවර් කිහිපයට බංග්ලාදේශය මුහුණ දෙමින් සිටියා.

මේ අතර ‘‘මහමුදුල්ලාහ්’’ පිටියට පිවිසියා. ඔහු වේගවත් පිතිකරණයක් ඇති ක‍්‍රීඩකයෙක්. ඒ බව ඔහු මෙහිදී යළිත් සනාථ කළා. ඒ පන්දු 33කදී ලකුණු 46ක් රැස් කරමින්. අවසානයේ බංග්ලාදේශය ඉදිරියේ කඩුලූ 06කට ලකුණු 330/6ක් වැනි ඉහළ ලකුණු සංඛ්‍යාවක් සටහන් වුණා.

දකුණු අප‍්‍රිකාව වෙනුවෙන් යම් තරමක හෝ සාර්ථකත්වයක් ලබාගත් පන්දු යවන්නා බවට පත්ව සිටියේ ඇන්ඩිලේ ෆෙලූක්වායෝ. ඔහු 2/52/ 10ක් ලෙස තම දක්ෂතා වාර්තා කළා. ඉම්රාන් තහීර් 2/57/10යි.

ලකුණු 331ක් වැනි ඉහළ ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි දකුණු අප‍්‍රිකානු කණ්ඩායමට නියමිත පන්දුවාර 50 තුළදී කඩුළු 8කට රැස්කර ගත හැකි වුණේ ලකුණු 309ක් පමණයි. ෆෆ් ඩූ ප්ලෙසිස් ලකුණු 62ක්, ඒඩියන් මාක‍්‍රම් ලකුණු 45ක්, ජේ.සී ඩුමිති ලකුණු 45ක්, රසී වැන්ඩර් ඩූසන් ලකුණු 41ක්, වාර්තා කළා.

බංග්ලාදේශය වෙනුවෙන් පන්දු යැවූ මුස්ටාෆියුර් රහ්මාන් 3/67/10, මොහොමඞ් සයිෆුඩිත් 2/57/08 ලෙස පන්දු යැවීමක නිරත වුණා.

ඒ අනුව බෙංගාලි ව්‍යාඝ‍්‍රයින් දකුණු අප‍්‍රිකානු කණ්ඩායම හමුවේ ලකුණු 21ක තියුණු ජයග‍්‍රහණයක් වාර්තා කළා. මේ ජයග‍්‍රහණය ක‍්‍රිකට් ලෝකය සලකන්නේ තවත් එක් විශිෂ්ඨ ජයග‍්‍රහණයක් ලෙසයි.

සටහන – කසුන් ප‍්‍රබෝධ සමරවීර

Recommended For You

About the Author: Editor