
රට තුළ සහ ආණ්ඩුව තුළ ඇතිවී තිබෙන අර්බුදකාරී වාතාවරණය පිළිබඳව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මුස්ලිම් මන්ත්රීවරුන්ගේ සහභාගිත්වයෙන් අද සවස විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ප්රබල මුස්ලිම් ඇමැතිවරයෙක් lankaepress සමග ප්රකාශ කළේය.
ආණ්ඩුවේ සියලුම මුස්ලිම ඇමැතිවරුන් ඉල්ලා අස්වීමේ යෝජනාවක් ගැන මෙම සාකච්ඡාවේදී තීරණයක් ගැනීමට ඇතැමුන් විසින් බලපෑම් කරන බව ද ඔහු සඳහන් කළේය.
මේ අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන බව කියන මුස්ලිම් ජාතික මන්ත්රීවරු 21 දෙනකු විසින් දැඩි දේශපාලන තීන්දුවක් ගැනීම පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බව ද වාර්තා වේ. යම් ආකාරයකින් මුස්ලිම් ජාතික ඇමැතිවරු ඇමැති පදවිවලින් සහ ආණ්ඩුවෙන් ඉල්ලා අස් වුවහොත් ආණ්ඩුව දැවැන්ත දේශපාලන අර්බුදයකට ලක්වනු ඇති බවත් ඒ අනුව කඩිනම් මහ මැතිවරණයකට යාමට සිදුවනු ඇති බවත් දේශපාලන විශ්ලේෂකයෝ සඳහන් කරති.