
පාස්කු ඉරිදා ප්රහාරයෙන් පසු රටේ ආර්ථිකය සහ ජනතාවට සහන ලබාදීම පිළිබඳව අද (03) පෙරවරුවේදී අරලියගහ මන්දිරයේදී අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා සමඟ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවැත්වූ සාකච්ඡාව ගැන රජයේ ස්ථාවරය පැහැදිලි කරමින් මුදල් ඇමැති මංගල සමරවීර මහතා ලබන බ්රහස්පතින්දා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්රකාශයක් කිරීමට නියමිත බව වාර්තාවේ.
එහිදී පාස්කු ඉරිදා ප්රහාරයෙන් පසු ආර්ථිකය ගොඩනැගීම සඳහා රජය ගෙන ඇති පියවර, සංචාරක ක්ෂේත්රය ඇතුළු විවිධ ක්ෂේත්ර සඳහා රජය ලබා දී ඇති සහන, ආදිය සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් සිදුකිරීමට නියමිතය.