රනිල් – මහින්ද සාකච්ඡා සාර්ථකයි

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු රටේ ආර්ථිකය සහ ජනතාවට සහන ලබාදීම සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ විපකෂනායක මහින්ද රාජපක්ෂ මහතා අතර අද පෙරවරුවේ පැවැති සාකච්ඡාව සාර්ථක වූ බව වාර්තා වේ.

විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා කළ ඉල්ලීමක් මත මෙම සාකච්ඡාව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සමඟ පැවැත්විණි.

එජාපය නියෝජනය කරමින් මුදල් ඇමැති මංගල සමරවීර සහ ආචාර්ය හර්ෂ ද සිල්වා එජාප නියෝජනය කරමින් ද දිනේෂ් ගුණවර්ධන, සුසිල් පේ‍්‍රමජයන්ත, බන්ධුල ගුණවර්ධන, උදය ගම්මන්පිල, ගාමිණී ලොකුගේ මහින්ද රාජපක්ෂ මහතා නියෝජනය කරමින් ද සහභාගී වූ අතර මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන මහත්වරු ද සාකච්ඡාවට එක්වූහ.

කොළඹ අරලියගහ මන්දිරයේ දී පැයකට අධික කාලයක් පැවති සාකච්ඡා ඉතාමත්ම සාර්ථකව අවසන් වූ බව මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාත් මාධ්‍ය හමුවේ ප‍්‍රකාශ කළහ.

Recommended For You

About the Author: Editor