
කාන්තාවන් 4000කට වඳ සැත්කම් කළ බවට චෝදනා එල්ල වී තිබෙන කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් සම්බන්ධයෙන් විමර්ශනය සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පත්කළ සය පුද්ගල විශේෂඥ කමිටුවේ අතුරු වාර්තාව අද සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරියට භාරදීමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී වැඩ බලන සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් ලාල් පනාපිටිය මහතා සඳහන් කළේ අතුරු වාර්තාව භාරදීමෙන් පසු ඉදිරි කටයුතු පිිළිබඳ තීරණය කරනු ඇති බවයි.
මේ අතර වෛද්‍ය ෂාෆිට එරෙහිව ඊයේ (02) දිනය වන විට කුරුණෑගල රෝහලට පැමිණිලි 474ක් සහ දඹුල්ල රෝහලට පැමිණිලි 65ක් වශයෙන් පැමිණිලි 539ක් මේ වන විට ලැබී ඇතැයි වාර්තා වෙනවා.