
මෙම වසර අවසන් වීමට පෙර ඇඟිලි සලකුණ ද සහිත වඩාත් ආරක්ෂාකාරී නව විද්‍යුත් ජාතික හැඳුනුම්පත ලබා දෙන බව පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පවසයි.
වයස අවුරුදු 15 ට වැඩි සෑම පුද්ගලයකුම නව විද්‍යුත් ජාතික හැඳුනුම්පත ලබාගත යුතු බව කී ගුණතිලක මහතා නීතිවිරෝධී ලෙස ව්‍යාජ හැඳුනුම්පත් ජාවාරම මෙම නව හැඳුනුම්පත සමඟම මුළුමනින්ම නතරවනු ඇතැයි සඳහන් කළේය.
නව හැඳුනුම්පත නිවාසටම ලැබෙන්නට සලස්වන බවද ගුණතිලක මහතා පැවසීය.