
සහල් සඳහා වන උපරිම සිල්ලර මිල ඇතුළත් ගැසට් නිවේදනය පාරිභෝගික සේවා අධිකාරිය විසින් නිකුත් කර තිබේ.
සුදු සම්බා, සුදු සහ රතු නාඩු යන සහල් වර්ග සඳහා වන උපරිම සිල්ලර මිල ඊට ඇතුළත් වේ.
ඒ අනූව සුදු සම්බා කිලෝ ග්රෑම් එකක උපරිම සිල්ලර මිල රුපියල් 85ක් බවත්, සුදු නාඩු කිලෝ ග්රෑම් එකක උපරිම සිල්ලර මිල රුපියල් 80ක් ලෙසත්, රතු නාඩු කිලෝ ග්රෑම් එකක උපරිම සිල්ලර මිල රුපියල් 74ක් ලෙසත් නිවේදනයෙහි සඳහන් වේ.