
ජාතීන් වශයෙන් ගැටුම් ඇතිකරගත හොත් රට විනාශයට පත්වන අතර සියලූදෙනා සහෝදරත්වයෙන් සහ අනෝයා්න්‍ය අවබෝධයෙන් යුතු ව කටයුතු කරමින් රටේ සාමය ආරක්ෂා කර ගැනීමට කැපවිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.



ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ මෙරට ඉස්ලාම් බැතිමතුන් වෙනුවෙන් අද (03) පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ පැවති ජාතික ඉෆ්තාර් උත්සවය අමතමිනි. ඉස්ලාම් ආගමික නායකයන් සහ ඉස්ලාම් බැතිමතුන් විශාල පිරිසක් මීට එක්ව සිටියහ.
මෙම උත්සවය ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත්
සදහන් කළේ එකිනෙකා දෙස වෛරයෙන් සහ සැකයෙන් බැලීම සිදුවන තාක් රටේ ජාතික සමගිය ගොඩනැ
ගිය නොහැකි බවයි.
අන්තවාදී සහ ත්‍රස්තවාදී කි‍්‍රයා තරයේ ප්‍රතික්ෂේප කරන අතර, රටේ සියලූ ජනකොටස්වලට සාධාරණ සමාජයක නිදහසේ ජීවත්විය හැකි පරිසරයක් ගොඩනැගීමට රජය කැපවී සිටින බව ද ජනාධිපතිවරයා කියා සිටියේ ය. ඉස්ලාම් ජනතාවගේ ගැටලූ කිහිපයක් පිළිබ
දව ද මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු කෙරුණු අතර මුස්ලිම් ජාතිකයන් දහස් ගණනක් රිමාන්ඞ් භාරයේ රදවාගෙන සිටින බවට ගෙන යන අසත්‍ය ප්‍රචාර පිළිබ
ද අදහස් දැක් වූ ජනාධිපතිවරයා කියා සිටියේ ඒ පිළිබද වාර්තාවක් තමා මේ වන විට ගෙන්වා ගෙන තිබෙන බවත්, අපේ‍්‍රල් 21 සිදුවීමෙන් පසුව අත්අඩංගුවට ගෙන වැඩිදුර ප්‍රශ්න කිරීම් ස
දහා තවදුරටත් රදවාගෙන සිටින මුස්ලිම් ජාතිකයන්ගේ සංඛ්‍යාව 559ක් පමණක් බවත් අදාළ විමර්ශන කටයුතුවලින් අනතුරුව ත්‍රස්තවාදී කි‍්‍රයාවන්ට සම්බන්ධ නොවන සියලූ දෙනා කඩිනමින් නිදහස් කිරීමට උපදෙස් ලබා දී තිබෙන බවත්ය.
රට තුළ මතුව ඇති තත්ත්වය හමුවේ සියලූ ජනකොටස්වල සහ ආගම්වල ගරුත්වය ආරක්ෂා කරමින් සියලූදෙනාට සාධාරණය ඉටුකිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා ගන්නා උත්සාහය අගය කළ ඉස්ලාම් ආගමික නායකයෝ ඒ පිළිබ
ද සිය ප්‍රශංසාව ජනාධිපති වෙත පළ කළහ.
ජාතික සංහිදියාව වෙනුවෙන් ආශිර්වාද කිරීම ද මෙහිදී සිදු කෙරිණි. කථානායක කරූ ජයසුරිය මහතා ඇතු
ථ මැති ඇමතිවරුන් ද, තානාපතිවරුන්, ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.