ආර්ථික සංවර්ධනයට කාන්තා දායකත්වය පිළිබඳ ස්ත‍්‍රී පුරුෂ සමාජභාවී ප‍්‍රවේශය තූළ විමසුමක්

කේ.පී.එස්.අසංගිකා, සහකාර කථිකාචාර්ය, සමාජවිද්‍යා අධ්‍යයනාංශය, කැලණිය විශ්වවිද්‍යාලය

මුල්කාලිනව සංවර්ධනය යනුවෙන් හඳුනාගනු ලැබුවේ ආර්ථික වර්ධනය යන්නයි.

”හැත්තෑව දශකය දක්වා ම සංවර්ධනය වශයෙන් හඳුනාගනු ලැබුවේ ආර්ථික සංවර්ධනයයි. ආර්ථික සංවර්ධනයේ ප‍්‍රධාන ලක්ෂණයක් ලෙස දැක්විය හැක්කේ නිෂ්පාදනයන්ගේ වැඩි වීමත්, රටක පවතින සම්පත් අතරින් උපරිම ප‍්‍රයෝජන ලබාගැනිම සහ ඒක පුද්ගල ආදායම වැඩි වීම යන කරුණුය. මෙහි දී පුද්ගල අවශ්‍යතා පිළිබඳ ඉලක්ක කර නොගනී” ( Carr.M,1997 ) ඒ අනුව ආර්ථික දියුණුව මත සංවර්ධනය හඳුනාගත්ත ද වර්මානයේ භෞතික ජිවන තත්ත්ව දර්ශක Physical Quality of Life Index-PQLI&” මානව සංවර්ධන දර්ශකය Human Development Index-HDI වැනි අංශයන් ද පදනම් කරගනිමින් සංවර්ධනය මිනුම්කරනු ලබයි.

”කාන්තාව පිලිබද විමසා බැලිමේ දී, ස්ත‍්‍රි පුරුෂ සමාජභාවය වනාහී ලිංගික වෙනස්කම් සදහා දෙනු ලබන සමාජීය/සංස්කෘතික ආර්ථික සහ වටිනාකම් වේ. මෙය සංස්කෘතියෙන් සංස්කෘතියට මෙන් ම කාලයෙන් කාලයට ද වෙනස් විය හැකිය. කාන්තාව හා ස්ත‍්‍රි පුරුෂ සමාජභාවය යනු එක සමාන අර්ථයන් නොවේ. ස්ත‍්‍රි පුරුෂ සමාජභාවය සමාජ, ආර්ථික, දේශපාලනික තත්ත්වයන්ට අනුව වෙනස්වේ” (දළුවත්ත,2013) යනුවෙන් ඉහත දැක්වෙන ප‍්‍රකාශනය හරහා ද ගම්‍යමාන වනුයේ ස්ත‍්‍රිත්වය සමාජයෙන් සමාජයටත්, කාලයෙන් කාලයටත් වෙනස්වන බවයි.

මුල්‍යය ආර්ථිකයක් ලොව පුරා වර්ධනය වීමත් සමග ස්ත‍්‍රි පුරුෂ වැඩ කොටස් අතර තිබු සමානාත්මතාවයන් Egalitarian Nature ගිලිහි යාමක් දැකිය හැකිය. ධනේෂ්වර ආර්ථිකයේ වර්ධනයත්, පුරුෂාධිපත්‍යයේ නැගීම සහ කාන්තාව පිළිබද වික්ටෝරියානු ආකල්පවල ව්‍යාප්තිය එකම දම්වැලක පුරුක් මෙන් බැදි පැවතීම මීට හේතුවයි. The World’s Women Trends and Statisticas වාර්තාවෙන් ලෝකය පුරා කාන්තාව අවාසනාවන්ත තත්ත්වයකට පත්ව ඇති විවිධ ආකාර සකච්ඡුා කරන අතර සංවර්ධනය වන රටවල එකී තත්ත්වයන් කොතෙක්දුරට ආන්තික ස්වරූපයක් දරන්නේ ද යන කරුණු සංඛ්‍යා ලේඛන ඇසුරින් පෙන්නුම් කරනු ලබයි.

තවද මෙම වාර්තාව විසින් ආර්ථික පංගුකර ගැනිමේ දි ලිංග භේදය බලපාන ආකාරය, පුරුෂයා හා කාන්තාව අතර වැටුප් නොගෙවන කාර්යයන් බෙදි ගොස් ඇති අන්දම, කාන්තාමය ව්‍යවසායන් සදහා තාක්ෂණික හා මුල්‍ය පහසුකම් හිගකම ප‍්‍රාග් ධනය හෙවත් විශේෂයෙන් භූමිය හා ණය පහසුකම් කෙරෙහි කාන්තාවට ඇති සුගමතාවය හා පාලනය යනාදිය පිළිබද විස්තරාත්මක සාකච්ඡ කරයි. එස්ටර් බොස්ටර් (1970) Ester Boserup තම ‘ආර්ථික සංවර්ධනය තුළ කාන්තා භුමිකාව’ Women”s Role in Economic Development නම් කෘතිය මගින් දක්වන ආකාරයට, ”දියුණු වෙමින් පවතින රටවල කාන්තාව සැලකිය යුතු මට්ටමකින් නිෂ්පාදන කේෂත‍්‍රයේ දී දායක වන බව පිළිගනි. විශේෂයෙන් ම ආර්ථිකයේ කෘෂි කේෂත‍්‍රය තුළ මෙම තත්ත්වය වඩාත් ව්‍යාප්තව පවති. එහෙත් සංවර්ධන වැඩ සටහන්වල දී කාන්තාවට අවම මට්ටමේ ප‍්‍රතිලාභියෙකු වීමෙන්, ඇගේ කාර්යභාර්ය පිරිමින්ට වඩා අවතක්සේරුවකට ලක්වන බවත්ය” Ester Boserup ආයතනික වශයෙන් කෙරෙන ණය ලබා ගැනිම, විවිධ කරුණු සම්බන්ධයෙන් පුහුණුව හා තාක්ෂණය ලැබිම යනාදිය ඇයට බොහෝ අවස්ථාවල දි අහිමි වු බවක් සිය කෘතියේ දි දක්වයි.

සංවර්ධන රාජ්‍යයන් හි සාක්ෂරතාවය වර්ධනය කරගනිමින් ප‍්‍රගතියක් අත්තරගත්ත ද, ආර්ථික, සමාජිය හා දේශපාලනික මට්ටමින් කාන්තාවන්ගේ අසමානතාවය වැඩිකළ බවය. ලෝකයේ සාක්ෂරතාවය නොමැති මිලියන 876ක ජනසංඛ්‍යාවෙන් 2/3 ක්ම කාන්තාවන්ය. සෑම සමාජ සංස්කෘතික රාමුවක් තුළ ම තවදුරටත් ”කාන්තා සිරුර වනාහි ප‍්‍රජනනයේත්, දරුවන් බිහි කිරිමේත් වැඩ බිමක් වු බව දක්වයි. Site of Re-production මේ අනුව ප‍්‍රජනන යාන්ත‍්‍රීකරණයේ දි ඇගේ සිරුර එහි ස්ථිර ඉලක්කය බවට පත්විය” Harcourt,W.1994′ එසේ ම ගෘහ කටයුතු, දරුවන් රැකබලා ගැනිම , රටක ආර්ථික සංවර්ධනය, අනාගත පරම්පරාව දායාද කරගැනිම එනම් ප‍්‍රජනනය වැනි අංශ වැදගත්වේ. කාන්තාව නිවස තුළ ඉටු කරන වැඩ කොටස නිවසට විශාල ආර්ථික ඉතිරියකි. එනම් විශාල ආදායමකි. එහෙත් කිසිවිටකත් සමාජීය වශයෙන් මෙම කටයුතු රැකියාවක් වශයෙන් සලකනු නොලැබේ. නමුත් සංවර්ධනය පිළිබද බෝහෝ ආර්ථික නිර්ණායක හා මිනුම් එය නිසි පරිදි සැලකිල්ලට ගෙන නොමැත.

සංවර්ධනය වන රාජ්‍යයන් හි බෝහෝ කාන්තාවන් ඔවුන්ගේ ගෙවත්තේ හෝ නිවෙස් අවට යැපුම් කෘෂි කර්මාන්තයේ වැඩි වගකිම් උසුලනු ලබයි. ඔවුන්ගේ දෛනික ආහාරවලට එකතු වන බොහෝ ද්‍රවයන් ඔවුන් විසින් ම වගා කොට, රැුකබලා අස්වැන්න නෙළා ආහාර සදහා උයා පිහා පිළියෙළ කරගත්හ.
උදාහරණ:

1 අප‍්‍රිකානු මහද්දිපයේ සියලූ කෘෂිකාර්මික කටයුතුවලින් 60% – 80% ප‍්‍රමාණයත් ඉටු කරනුයේ කාන්තාවන්ය.
2 බ‍්‍රසීලයේ කාන්තාවන් තම ගෙදර දොර නිෂ්පාදන කටයුතුවලට අමතරව කුඩා ගොවිපළ කාර්යයන්ගෙන් 2/3ක් ඉටු කරයි. එසේ ම චීලී, පේරු, ඉක්වදෝරය හා ජැමෙයිකාව වැනි රාජ්‍යයන් හි දි කාන්තාව සංවර්ධන කාර්යයන්ට දායක විමේ ප‍්‍රගතියක් හදුනාගතහැක.

මෙවන් තත්ත්වයක් තුළ වුවද කාන්තාවට සංවර්ධන වැඩසටහන්වලදි ගොවිතැන්ක‍්‍රම දියුණු කරගැනිමට හා ප‍්‍රගතියක් ළගා කරගැනිම සදහා ඉඩ ප‍්‍රස්ථාව ලබාදිම සීමාවීම. 1984 දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුග‍්‍රහයෙන් රුවන්ඩාව ප‍්‍රජාතන්ත‍්‍රවාදි යේමනය, ඉන්දුනිසියාව හා හයිටි යන රාජ්‍යයන් 4හි පර්යේෂණ කළ .F.Arat පෙන්වා දෙන අන්දමට සමික්ෂණයට බදුන් වු ව්‍යාපෘති 254කින් කාන්තාව සදහා යොමු වු ඒවා තිබුණේ 09ක් පමණ බවයි.

සංවර්ධනයේ මෑතකාලීන ප‍්‍රවණතාවන් වනුයේ කාන්තාවන්ට වැටුප් ගෙවන රැකියාවන් සදහා බහුල වශයෙන් යොමුවිමයි. මෙහිලා කාන්තාවන් අන්තර්ජාතික වෙළද සමාගම්වල ශ‍්‍රමබලකාය වෙත බහුල වශයෙන් නැඹුරුවේ. එසේ ම සංවර්ධනය වන රටවල් අන්තර්ජාතික වෙළද සමාගම් ඉලක්ක කොට ගෙන කරන දැන්වීම් හා ප‍්‍රචාරක කටයුතු සදහා කාන්තාව මෙවලමක් හා භාණ්ඩයක් වශයෙන් භාවිත කරයි. අන්තර්ජාතික වෙළද සමාගම් නිරන්තරයෙන් ම කාන්තාව පිළිබද තක්සේරු කරනුයේ කඩිසර හා හීලෑ ශ‍්‍රම හමුදාවක් ලෙසත්ය. එම නිසා කාන්තාව නිරතුරුවම පුරුෂයාට වඩා අඩු වේතන ලබන දෙවන මට්ටමේ ශ‍්‍රම හමුදාවක තත්ත්වයට පත්ව තිබේ. එසේ ම The World’s Women 2000: Trends and Statistics වාර්තාවට අනුව සමීක්ෂණය කළ රාජ්‍යයන් 39කින් දත්ත ලබාගත හැකි වු රාජ්‍යයන් 27ක කාන්තාවන්ගේ වේතනය පිරිමි වේතනයට වඩා සියයට 20 -50 අතර ප‍්‍රමාණයකින් අඩුය. එනම් කාන්තාවන් බහුල වශයෙන් ම නිරත වු රැකියාවන් නුපුහුණු හා අර්ධ පුහුණු වශයෙන් සලකා ඇත.

වර්තමානය වන විට කාන්තාව සේවා නියුක්තියේ ඉතාම ඉහළ මට්ටමක් පවතී. ඒ අනුව ඇය පුරුෂයා හා සමානව රැකියාවන් හි යෙදෙයි. එසේ වුවද අද කාන්තාවාදින් නගන වැදගත් ප‍්‍රශ්නයක් වන්නේ වැටුප්වල ස්වභාවයයි. එකම කාර්යය කොටස් ඉටු කිරිම වෙනුවෙන් කාන්තාව හා පුරුෂයා ලබන වැටුප් මට්ටම්වල පැහැදිලි වෙනසක් පවතී. එය ප‍්‍රශ්නයක් එක් පැත්තය. අනෙක් අතට පුරුෂයා යෙදෙනුයේ එක වෘත්තියක පමණි. කාන්තාව බෝහෝ විට පැය 08 සේවා මුරය නිමාවී ගෘහණියක, මවක, බිරිදක වශයෙන් නිවස තුළ ත‍්‍රිත්ව කාර්යයක යෙදෙමින් තවත් වැඩ මුරයක් ඉටුකරයි.

පරිපාලන, කළමණාකරණ, කාර්මික හා ඉංජිනේරු වෘත්තීන් වැනි පුරුෂාධිපත්‍ය සහිත රැුකියා කේෂත‍්‍රයට කාන්තාවන් පිවිසිම දිනෙන් දින ම වැඩිවෙමින් පවතී. එහිලා රැුකියාවේ සුරක්ෂිභාවය, ඉදිරිපියවර වෙත ළගාවීමේ දි කාන්තාවට එල්ල වන්නාවු අභියෝග පුරුෂයන්ට වඩා වෙනස්වේ. සමහර අවස්ථාවලදි කාන්තාවට තමාගේ රැුකියා කේෂත‍්‍රයේ ඉහළ නිළධුරයන් හොඹවන්නන්ගේ ලිංගික අතකොළුවක් බවට පත්වීමට සිදුවේ. කාන්තාව අධ්‍යාපන මට්ටම අතින්, දැනුමින්, හැකියාවන්ගෙන් කෙතෙක් පරිපුර්ණ වුවද යම් අවස්ථාවන් හි දි රැකියා ස්ථානයේ දි එකම තනතුර හොබවන්නා වු පුරුෂ පාර්ෂවයට ද, යම් අවස්ථාවන්හි දි ඇයට වඩා තත්ත්වයෙන් පහත් මට්ටම නියෝජනය කරන්නාවු ද පුරුෂ පාර්ෂවයේ අදහස් අනුව කටයුතු කිරිමට සිදුවීමක් හදුනාත හැක. එසේ ම කාන්තාවන්ට පරිපාලනය, බලය ක‍්‍රියාත්මක කිරිමේ දි සමාජ පිළිගැනිම අතින් පුරුෂයාට සේ සමාජ ගරුත්වයක්, තත්ත්වයක් නිර්මාණය නොවීමක් හදුනාගත හැක. එනම් පුරුෂාධිපත්‍ය සංකල්පය විසින් කාන්තාව සිමාවට ලක් කිරිමට උත්සාහ දැරීමක් හදුනාගත හැකිය.

මේ අනුව පැහැදිලි වන්නේ කාන්තාව ආර්ථික සංවර්ධනයට ලබා දේනනාවු දායකත්වය පිළිබද නිසි ඇගයීමක් සමාජක‍්‍රම විසින් සිදු නොකරන බවත්, අතීතයේ පැවතීයා වු කාන්තාව ආන්තීකරණයට ලක් කිරිමේ අදුරු සෙවනැලි තවදුරටත් ක‍්‍රියාත්මක වීමත්, පුරුෂාධිපත්‍ය සංකල්පය සමාජ සංස්කෘතික රටාව තුළ තවදුරටත් අපේක්ෂා කිරිම තුළ කාන්තාව ස්ත‍්‍රී පුරුෂ සමාජභාවී ප‍්‍රවේශය තුළ නොසලකාහැරිමට ලක්වන බවයි.

Recommended For You

About the Author: Editor