වෛරී ප‍්‍රකාශනවලට දඬුවම් දෙන නව නීති එයි

වෛරී ප‍්‍රකාශන සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට හැකිවනු පිණිස දණ්ඩ නීති සංග‍්‍රහය සහ අපරාධ නඩු විධාන සංග‍්‍රහය සංශෝධනය කිරීම සඳහා වැඩබලන අධිකරණ ඇමතිවරයා ලෙස ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඊයේ (4) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට එහි අනුමැතිය හිමිවී ඇත.

මෙම කැබිනට් පත‍්‍රිකාව ඉදිරිපත් කරමින් ඇමතිවරයා පවසා ඇත්තේ විවිධ ජනවාර්ගික හා ආගමික කොටස් අතර සාමය හා සහජීවනය පවත්වා ගෙන යාමටත්, රාජ්‍ය ආරක්ෂාවටත් බාධා වන ආකාරයෙන් වෛරී ප‍්‍රකාශන කරන තැනැත්තන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට හැකිවනු පිණිස දණ්ඩ නීති සංග‍්‍රහය හා අපරාධ නඩු විධාන සංග‍්‍රහය සංශෝධනය කිරීට පියවර ගන්නා ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික කමිටුව අධිකරණ අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇති බවයි.

ඒ අනුව එම වරද සම්බන්ධයෙන් වැරදිකරුවෙකු වන තැනැත්තෙකුට දඩ මුදලක් හෝ සිර දඬුවමක් නියම කිරීමට හැකිවන පරිදි දණ්ඩ නීති සංග‍්‍රහය සහ අපරාධ නඩු විධාන සංග‍්‍රහය සංශෝධනය කළ යුතු බව ද දක්වා ඇත.

Recommended For You

About the Author: Editor