සයිබර් වීරයින්ට ඇමෙරිකාවෙන් රතු එළියක්

මෑත කාලයේදී සමාජ මාධ්‍ය තරම් වාරණයට සහ විවේචනයට ලක් වූ වෙනත් දෙයක් නැති තරම්. අව්ව, වැස්ස වාගේ ඕනෑ දේකට බැනුම් ඇසීමට, අපහාස විඳීමට සමාජ මාධ්‍යවලට සිදුව තිබෙනවා. ඒත් පුදුමයක් වන්නේ සමාජ මාධ්‍යවලට මේ ආකාරයෙන් අපහාස කරන, නීති පනවන පාලකයින් සහ නායකයින් ද බොහෝ විට සමාජ මාධ්‍ය මගින් ම තම ප‍්‍රතිරූපය ඔසවා ගැනීමට යෑමයි. මේ තත්ත්වය ලංකාව තුළ ඉතාම පහසුවෙන් හඳුනා ගත හැකියි.

ඒ කොහොම වුණත් සමාජ මාධ්‍ය අන්තවාදය, ත‍්‍රස්තවාදය, ප‍්‍රචණ්ඩත්වය පෝෂණය කරන බව, ඊට අනුබල දෙන බව ප‍්‍රකට කරුණක්. එය ලංකාවේදීත් අපට පහසුවෙන් නිරීක්ෂණය කළ හැකි කරුණක්.

මේ කොහොම වුණත් ‘‘ළිං මැඩියන් නොවන’’ රට රටවල සංචාරය කළ හැකි, අධ්‍යාපනය ලැබිය හැකි, රැකියා කළ හැකි පුද්ගලයින්ට නම් තමන් භාවිතා කරන ඊමේල්, ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ගැන වඩාත් වැඩි අවධානයක් යොමු කිරීමට සිදුවන පසුබිමක් දැන් දැන් ජාත්‍යන්තර වශයෙන් නිර්මාණය වෙනවා. ඒ නිසා වාර්ගික, ආගමික ප‍්‍රචණ්ඩත්වය වපුරමින් වීරයින් වීමට තැත් කරන නූතන පරපුරයේ සයිබර් වීරයින්ට රටෙන් පිටට අඩියක් තියන්න බැරි වෙන වාතාවරණයක් අද හෙටම ඇති වීමට නියමිතයි.

ඇමෙරිකාවට වීසා ඕනෑ නම් සමාජ මාධ්‍ය පිළිබඳ සියලූ තොරතුරු ඕනෑ

ලංකාවේ අපි ද ඇතුළුව මුළු ලෝකෙන් 4/3ක් ඇමෙරිකාවට හතර අතේ බැන වැඳුණත් වාර්ෂිකව ඇමෙරිකාවට ඇතුළු වීමට වීසා අයදුම්කරන පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 15කටත් අධික බවයි ඇමෙරිකානු වාර්තා කියන්නේ. ඒ අතර සංචාරකයින්, ශිෂ්‍යයින් සේම ව්‍යාපාරිකයින් ද රැුකියා සඳහා යන්නන් ද සිටිනවා.

මේ තත්ත්වය තුළ අද ඇමෙරිකාවට වඩ වඩාත් තමන්ගේ ජාතික ආරක්ෂාව ගැන සිතා බලන්න සිදුවෙලා තිබෙනවා. ඒ වෙන කිසිවක් නිසා නොවෙයි මුළු ලෝකයම තමන්ගේ දඩබිමක් කරගත්ත ඇමෙරිකාව අද ඉස්ලාම් අන්තවාදීන්ගේ දඩබිමක් බවට පත්ව තිබෙනවා. මුළු ලෝකය හතර දෙස ජීවත් වන ජාතීන් සිය දහස් ගණනකට අයත් ඉස්ලාම් අන්තවාදියේ විවිධ වේෂයෙන් ඇමෙරිකාවට රිංගන්න තැත් කරනවා.

මේ අවදානම්කාරී තත්ත්වය තුළ වඩ වඩාත් ප‍්‍රවේශම් වීම සඳහා ඇමෙරිකාව පසුගිය 2018 වසරේදී නව නීතියක් යෝජනා කළා. ඒ ඇමෙරිකානු වීසා අයඳුම් කරන සියලූ දෙනාම (රාජ්‍ය තාන්ත‍්‍රිකයින් සහ රාජ්‍ය සේවා අයදුම්කරුවන් හැර* තමන් භාවිතා කරන සමාජ මාධ්‍ය ගිනුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කළ යුතු බවටයි.

මේ තත්ත්වය පැහැදිලි කරමින් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ, වීසා අයදුම්කරුවා විසින් භාවිතා කරනු ලබන සියලූම සමාජ මාධ්‍ය නාමයන් ඉදිරිපත් කිරීම අනිවාර්ය වන බවත් ඊට අමතරව, වසර පහක් ඇතුළත භාවිත කළ සියලූම විද්‍යුත් ලිපිනයන් (ඊමේල්* සහ දුරකථන අංක සියල්ලම හෙළිදරව් කළ යුතු බවයි.

මෙය අප හිතන තරම් පහසු කටයුත්තක් නොවෙයි. ඒ බොහෝ දෙනෙක් ඊමේල් ලිපිනයන් සේම දුරකථන අංක ද කිහිපයක් භාවිත කරන නිසයි. ඒත් ප‍්‍රශ්නය වන්නේ ඇමෙරිකානුවන්ට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කළ නොහැකි වීමයි.

‘‘මේ තොරතුරු වීසා අයදුම්කරුවා විසින්ම ඉදිරිපත් කළ යුතුයි. අසත්‍ය තොරතුරු ලබාදීම හෝ තොරතුරු වසං කිරීම බරපතළ ප‍්‍රතිවිපාක බුක්ති විඳීමට හේතුවක් විය හැකි බවට ද ඔවුන් අනතුරු අඟවනවා.

මේ තත්ත්වය තුළ ලංකාවේ සයිබර් වීරයින්, ෆෙස්බුක් වීරයින් කී දෙනෙකුට ‘‘ගී‍්‍රන්කාඞ්’’ තියා සංචාරක වීසාවලින්වත් ඇමෙරිකාවට පය තියන්න පුළුවන් වෙයිද කියලා සැකයි. මොකද අද ඔවුන් බහුතරයක් ඉස්ලාම් අන්තවාදීන්ටත් එහා ගිය අන්තවාදීන් වන නිසයි. ඒ සේරටම වඩා බිල් ලාඩන්ටත් වඩා ඇමෙරිකානු විරෝධීන් වන නිසයි.

‘‘මේ සේරම සෙල්ලම් බුකියෙනේ බ්‍රෝ ’’ කියලා ෂේප් වෙන්න පුළුවන් නම් හොඳයි නේද ?

සටහන – තීක්ෂණ වෙළෙන්එගොඩ

Recommended For You

About the Author: Editor