සහරාන් ඇතුළු තවුහිත් ජමාත් 30කට ආණ්ඩුවෙන් වැටුප් ගෙවීම ගැනත් පරීක්ෂණයක් ඕනෑ – ලක්ෂ්මන් කිරිඇල්ල

තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂිම් ඇතුළු සාමාජිකයින් 30 දෙනකුට පසුගිය ආණ්ඩුව වැටුප් ගෙවීම පිළිබඳව ද පරීක්ෂණයක් සිදුකළ යුතු බව සභානායක ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (4) ප්‍රකාශ කෙළේය.

සභානායකවරයා මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිදුකළ විමසීමකට පිළිතුරු දෙමින් මේ බව කීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේද පැවසිය.

අපේ‍්‍රල් 21 වැනි දින ප‍්‍රහාරය සම්බන්ධයෙන් තේරීම් කාරක සභාවක් පත්කරලා තිබෙනවා. දැන් බාධක ඉවත් වෙලා තිබෙනවා. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා ඔබතුමාගේ පොහොට්ටුවේ පක්ෂයේ මන්තී‍්‍රවරුන්ට තේරීම් කාරක සභාවට සහභාගි වෙන්න කියලා. අනිත් කාරණය අපිට ඉතාම වැදගත් ප‍්‍රශ්නයක් අහන්න තිබෙනවා. පසුගිය ආණ්ඩුවෙන් සහරාන් ඇතුළු තවුහිද් ජමාත් සංවිධානයේ 30 දෙනකුට ආණ්ඩුවෙන් පඩි ගෙවලා තිබෙනවා. ඔබතුමාලා එන්න තේරීම් කාරක සභාවට. අපි මේ ගැන ඔප්පු කරනවා. ඒ වගේම තමයි සහරාන්ට පඩි ගෙවීම ගැනත් පරීක්ෂණයක් කරන්න ඕනෑ.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා-

ඒ කාරණාව වැරදියි. මෙම තේරිම් කාරක සභාව බුද්ධි අංශ නිලධාරින් පවා‍ ගෙන්වා ප්‍රශ්න කරනවා. දේශපාලන අවශ්‍යතාවන් මත මොනව කළත් කමක් නැහැ. නමුත් මේ හරහා බුද්ධි අංශ නිලධාරීන් බිල්ලට දෙන්න එපා. ඔවුන් මේ ආකාරයට නිරාවරණය කර ඔවුන්ගේ ජිවිත අනාරක්ෂිත කරන්න එපා‍ග

සභානායකවරයා-

තේරීම් කාරක සභාවේ සාක්ෂි විමසන්න කලින් සභාපතිතුමා ඒ අයට දැනුම් දෙනවා ජාතික ආරක්ෂාවට බලපාන යම්කිසි කරුණු තිබෙනවා නම් ඒවා ප‍්‍රකාශ කිරීමෙන් වළකින්න කියලා. අනතුරුවයි ඒ වැඩකටයුතු සිදුවෙන්නේ. මේ මගින් බුද්ධි අංශ නිලධාරීට් හෝ ජාතික ආරක්ෂාවට අගතියක් වෙන්නේ නෑ.

Recommended For You

About the Author: Editor