අලූතින් වඩුමඩු ලියාපදිංචිය නතර කිරීමට ජනපති සැරසෙයි

ගස් කපන යන්ත‍්‍ර හෙවත් චේන්ෂෝ මෙරටට ගෙන්වීම තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට සහ වඩු මඩු අලූතින් ලියපාදිංචිය නතර කිරීමටත් තමා උපදෙස් දී තිබෙන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කියයි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලවේ දී අද (06) පෙරවරුවේ පැවති ජගත් පරිසර දින සැමරුම් උත්සවය අමතමිනි.
ජූනි 05 වන දාට යෙදෙන ජගත් පරිසර දිනයට සමගාමී ව ,තිරසර වන කළමනාකරණය තුළින් වායු දුෂණය අවම කිරීම, යන තේමාව යටතේ සැමරුම් උලෙළ සංවිධානය කර තිබිණි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කළේ මේ වන විට ලෝකය මුහුණ දී ඇති පාරිසරික අභියෝග හමුවේ පරිසරය රැුක ගැනීමට සියලූදෙනාගේ කැපවීම අත්‍යවශ්‍ය බවයි. පරිසරයේ ආරක්ෂාව වෙනුවෙන් නීති රැසක් පරිසර අමාත්‍යවරයා ලෙස තමා හදුන්වා දී තිබෙන අතර ඒවා කි‍්‍රයාවට නැංවීමේ ප‍්‍රගතිය පිළිබද සතුටට පත්විය නොහැකි බව පැවසු ජනාධිපතිවරයා පොලිතින් තහනම ඇතුථව පරිසරය වෙනුවෙන් ගත් එම තීන්දු තීරණ වඩා ප‍්‍රායෝගිකව කි‍්‍රයාවට නැංවීමට කැපවීම රටේ මතු පරපුර වෙනුවෙන් සියලූදෙනා ඉටුකරන වගකීමක් බව ද කියා සිටියේය.

මේ අතර ගස් කපන යන්ත‍්‍ර හෙවත් චේන්ෂෝ මෙරටට ගෙන්වීම තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට තමා මේ වන විට උපදෙස් දී තිබෙන බව සදහන් කළ ජනාධිපතිවරයා වඩු මඩු අලූතින් ලියපාදිංචිය නතර කිරීමටත්, ලී මෝල් හිමියන් වෙනත් ව්‍යාපාර අංශ කෙරෙහි යොමු කීරමේ වැඩපිළිවෙළකට එළැඹීමටත් උපදෙස් දී තිබෙන බව ද කියා සිටියේය.

මෙරට වන ඝනත්වය ඉහළ නංවා ගනිමින් ජනතාවට ජීවත්වීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමට නම් එවන් වැඩපිළිවෙළක් අවම වශයෙන් වසර 10ක් ගතවන තුරුවත් රට තුළ කි‍්‍රයාවට නැංවිය යුතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

Recommended For You

About the Author: Editor