
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය 04 වැනිදා කොළඹ වරායේ නැගෙනහිර බහාලූම් පර්යන්තය ජපාන සහ ඉන්දීය සමාගම්වල විකුණා ඇති බවට කළ චෝදනාව අදත් (6) පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් වුණා.
එහිදී අනුර කුමාර දිසානායක මහතා යළි විෂය භාර ඇමැතිවරයාගෙන් මේ පිළිබඳ පැහැදිලි පිළිතුරක් අපේක්ෂා කරන බව කියා සිිටියා.
‘‘මම බලාපොරොත්තු වෙන්නේ විධිමත් පිළිතුරක්. ගෙදර යන ගමන් පිළිතුරක් මම බලාපොරොත්තු වෙන්නෑ’’ අනුර කුමාර දිසානායක මහතා කියා සිිටියා.
එයට පිළිතුරු දෙමින් අගමැති රනිල් වික්රමසිංහ මහතා කියා සිටියේ ‘‘විධිමත් පිළිතුරක් හෙට ලබා දෙන්නම් මන්ත්රීතුමා. ඒ වගේම මම සඳහන් කරන්නේ මේ පර්යන්තයේ සියයට සියයක් ශ්රී ලංකා ආණ්ඩුවට අයිති බවයි’’