
ඇමෙරිකාව ලෝකයේ අංක 01 බවට පත් කිරීමට වෙර දරන ජනපති ඩොනල් ට්‍රම්ප් පසුගිය දින තුන ගත කළේ මහා බි්රතාන්යයේ.
බි්රතාන්ය මහ රැජිණගෙන් රාජකීය භෝජන සංග්‍රහ විඳිමින්, හෙට (7) අගමැතිකමෙන් සමුගන්නා තෙරේසා මේ සමග සාකච්ඡා කරමින් ට්‍රම්ප් අතිෂය කාර්ය බහුල වෙලා හිටියේ.
ඒ අතර ට්‍රම්ප් බි්රතාන්ය මාධ්‍ය හමුවේ සාකච්ඡුාවකට එක් වෙමින් යළිත් කට කැඩිච්ච කතාවක් කියලා ලෝක බලවතුන් ගේ හිත රිදවන්න පියවර ගත්තා. ‘‘ඉන්දියාවේ, චීනයේ සහ රුසියාව වගකීම් පැහැර හරිමින් ස්වභාව ධර්මය විනාශ කරනවා. ඒ නිසා ඔවුන්ගේ රටවල වාතය සහ ජලය දැඩි ලෙස දුෂණය වෙලා’’ ට්‍රම්ප් කියනවා.
මේ සමග ලෝකේ එක වන ඇමෙරිකාව ගැන පාරම්බාන්නත් ට්‍රම්ප් අමතක කළේ නැහැ.
‘‘ඇමෙරිකානු ජනතාවට පහසුවෙන් ජීවත් විය හැකි පරිසරයක් සහ පිරිසිදු ජලය තිබෙනවා’’ ට්‍රම්ප් අභිමානයෙන් කිව්වා.