
පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිට ආරක්ෂක මණ්ඩලයට සහභාගීවීම අනවශ්‍ය බව එවකට ආරක්ෂක මණ්ඩලයට ලේකම්ව සිටි කපිල වෛද්‍යරත්න මහතා තමාට වාචිකව දැනුම් දුන් බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධව විමර්ශනයට පත්කළ විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින් පැවසුවේය.
අද (6) පෙරවරුවේ සාක්ෂි ලබාදීමට මේ වන විට ජනපතිවරයා විසින් අනිවාර්ය නිවාඩු යවනු ලැබ සිිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පැමිණියේය.
කමිටුව හමුවේ වැඩිදුරටත් සාක්ෂි දෙමින් පොලිස්පතිවරයා පවසා සිටියේ තමා ආරක්ෂක මණ්ඩලයට සම්බන්ධවීම අනවශ්‍ය බව මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් එම මණ්ඩලයට ලේකම් කපිල වෛද්‍යරත්න මහතා වෙත දැනුම් දී ඇති බවයි.
ස්ථානමාරු වීම් සම්බන්ධයෙන් තිබෙන කටයුත්තකට තමා ඔක්තෝබර් 23 වන දින ආරක්ෂක මණ්ඩලයට සහභාගී වු බවත් ඉන් පසු තමා එයට සහභාගී නොවූ බවත් පූජිත් ජයසුන්දර මහතා වැඩි දුරටත් පැවසුවේය.