
ජනපතිවරයා විසින් අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ඉදිරිපත් කිරීම ආරම්භ කළ බව වාර්තා වේ.
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු මහතා ද අද කාරක සභාව හමුවට කැඳවා තිබේ. පොලිස්පතිවරයාගෙන් පසු හිටපු ආරක්ෂක ලේකම්වරයා සාක්ෂි ලබාදීමට නියමිතය.