මින් ඉදිරියට පාසල්වල ආරක්ෂාවට දෙමාපියන් සම්බන්ධ කරගන්න එපා – අධ්‍යාපන අමාත්‍යාංශය

මේ වනවිට රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග කෙරෙහි විශ්වාසය ‍තබන හෙයින් පාසල් ආරක්ෂා කිරීමේ ක්‍රියාවලිය වෙනුවෙන් මවුපියන් සම්බන්ධ කරගැනීම තවදුරටත් අවශ්‍ය නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව පාසල්වල ආරක්ෂාව වෙනුවෙන් මවුපියන් සම්බන්ධ කරගැනීම මින් ඉදිරියට අවශ්‍ය නොවන බවත් මෙතෙක් පාසල් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කාලය සහ ශ්‍රමය කැපකරමින් ලබාදුන් සහයෝගයට සියලු මවුපියන්ට සිය කෘතවේදීත්වය පළ කරන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

ඇතැම් පාසල්වල ආරක්ෂක කටයුතු සඳහා මවුපියන් යොදවා ගැනීමේ දී ඔවුන් අපහසුතාවට පත්වන අයුරින් එම කටයුතු සිදු ව ඇති බව ද ගැබිණි මවුවරුන් පවා පාසල්වල ආරක්ෂාව වෙනුවෙන් ඇතැම් අවස්ථාවල ගේට්ටු ඉදිරිපිට රැඳී සිට පරීක්ෂා කිරීමේ ක්‍රියාවලියේ යෙදි සිට ඇති බවට පසුගිය දා අධ්‍යාපන අමාත්‍යාංශය වෙත තොරතුරු වාර්තා වී තිබු බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

එමෙන්ම පාසල් බෑග් ගෙන ඒම වැළැක්වීමට හෝ ඒ වෙනුවට ආදේශක ලෙස විනිවිද පෙනෙන බෑග් ගෙන ඒමට බලකරමින්ල දරුවන් හා මවුපියන් අපහසුතාවට පත්වන අන්දමේ සිදුවීම් කිහිපයක් පිළිබඳවද පැමිණිලි රැසක් ලැබී තිබෙන බව ද සඳහන් කරන අධ්‍යාපන අමාත්‍යාංශය එකී සියලූ කරුණු පිළිබඳ අවධානය යොමු කර මෙම තීරණය ගත් බව වැඩි දුරටත් සඳහන් කරයි.

Recommended For You

About the Author: Editor