මොන පරීක්ෂණ තිබුණත් රිෂාඞ් බදුර්දීන් නිදොස් කොට නිදහස් කරයි – එ.ජ.නි.ස පාර්ලිමේන්තු මන්ත‍්‍රී කනක හේරත්

මොන පරීක්ෂණ තිබුණත් මාසයක් යන කොට රිෂාඞ් බදුර්දීන් නිදොස් කොට නිදහස් කරනු ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කනක හේරත් මහතා පවසයි. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රධාන කාර්යාලයේ අද (6) පැවැති මාධ්‍ය හමුවේදී මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩි දුරටත් කරුණු දැක්වූ කනක හේරත් මහතා,

අගමැතිවරයාගේ අලුත්ම උපාය මාර්ගයයි මේ දිනවල ක්‍රියාත්මක වෙන්නේ. අපි ත්‍රස්තවාදින්ට සම්බන්ධකම් තියෙනවා කියලා එක ඇමැතිවරයෙකුට චෝදනා කරද්දි සියලු ඇමැතිවරු ඉල්ලා අස්විම රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ සැලසුම් සහගත වැඩපිළීවෙලක්.

අමාත්‍යවරු ඉල්ලා අස්වුනේ මාධ්‍ය ඉස්සරහා ප්‍රදර්ශනයකට පමණයි. වරප්‍රසාද සියල්ල තියෙනවා. පාර්ලිමේන්තුවේ ලේකම්තුමාත් ජනාධිපති ලේකම්තුමාත් මේ වෙනකල් ලිඛිතව අස්විම දැනුම්දීලා නැහැ කියලා ප්‍රකාශ කරලා තියෙනවා. මේක ඉදිරි මාසය නාට්‍යයයි. අන්තවාදීන්ට විරුද්ධ වුනු අපේ මුස්ලිම් ජනතාව මේ සිද්ධිය නිසා බියවෙලා. අමාත්‍යවරු සියලු දෙනා ඉල්ලා අස්වුනේ ඇයි කියලා ඔවුන් හිතනවා. ත්‍රස්තවාදයට සහාය නොදුන් මුස්ලිම් ජනතාව පවා ත්‍රස්තවාදින් විදියට දකින තත්ත්වයකටයි රට පත්වුනේ.

මේක රනිල් වික්‍රමසිංහගේ සැලැස්ම. රිෂාඞ් බදියුදින් ඇතුලු එජාපයට සම්බන්ධ නොවන ඇමැතිවරු ස්වාධිනව කටයුතු කරන්න සූදානමින් සිටින අවස්ථාවක කබිර් හසිම් ඇමැතිවරයාත් එක්කම එකට ගොනු කලේ එජාපය වෙනුවෙන් මුස්ලිම් ඡන්ද ටික රැකගන්නයි. 

මේක තාවකාලිකයි. තාවකාලිකව එළියට දැමිමක් විතරයි. මුස්ලිම් ජනතාවගේ ඡන්ද ගැනීමේ දුෂ්ට අරමුනින් මේක කලේ. කබිර් හසිම් හිටපු ඇමැතිවරයා කියනවා ස්වාධීන පරික්ෂණයක් පවත්වන්නලු ඔවුන් ඉල්ලා අස්වුනේ. අපි කබිර් හසිම් ඇමැතිවරයාට චෝදනා කලේ නැහැ. එදා මැවනැල්ලේ බුදුපිළීම කඩන සිද්ධියේදී තොරතුරු දුන්න පුද්ගලයාට වෙඩි තියලා යනකල් ඔහුව ආරක්ෂා රකගන්න කබිර් හසිම් ඇමැතිවරයාට බැරිවුනා.

ත්‍රස්තවාදීන්ටය විරෝධී සාමාන්‍ය මුස්ලිම් ජනතාව ආරක්ෂා කරගන්න මේ අයට පුලුවන් වෙයි කියලා අපි හිතන්නේ නැහැ. ත්‍රස්තවාදින්ට සම්බන්ධ එක අමාත්‍යවරයෙක් ආරක්ෂා කරන්න පාර්ලිමේන්තුවේ අපි සියලු දෙනා එකමුතුව කටයුතු කරනවා වගේම මුස්ලිම් ජනතාවත් ත්‍රස්තවාදින්ගේ පැත්තට තල්ලු කරන පණිවිඩයක් මේ තුළ ගැබ්වෙලා තියෙනවා.

මේක භයානක පණිවිඩයක්. අහිසංක මුස්ලිම් ජනතාව ත්‍රස්තවාදින් තැනට තල්ලු කලේ එජාප ආන්ඩුවයි.  මැතිවරණය ඉලක්ක කරගෙන ත්‍රස්තවාදින්ගේ සල්ලිවලට යටත් වෙලයි මේ දේවල් කලේ. මොන පරික්ෂණය තිබුණත් නැතත් මාසයක් ඇතුළත රිසාඩි බදියුදින් නිදොස් කොට නිදහස් කරනවා. මේ වගේ පරික්ෂණ මොන තරම් තිබුණද? බැදුම්කර සිද්ධියේ හොරු අදවෙන කල් අල්ල ගත්තේ නැහැ. කුඩු ගහන අය හොයන්න පත්කරපු කමිටුවට සිද්ධ වුනු දේකුත් නැහැ. මුස්ලිම් ජනතාවගෙන් අපි ඉල්ලා සිටින්නේ මේ තත්ත්වය තේරුම් ගෙන සියලු ජනතාවට එකට ජීවත් විය හැකි රටක් නිර්මාණය කරන්න එකතු වෙන්න. 

වෛද්‍ය සාෆිට එරෙහිව පැමිණිලි 800ට වැඩියි. තවම විද්‍යාත්මක පරීක්ෂණයක් ආරම්භ කරලා නැහැ. පසුගිය වසර ගණනාවේ වුනා වගේ සාෆි එලියට ඇවිත් ඩි. අයි. ජි ඇතුළට යන එකයි වෙන්නේ.


Recommended For You

About the Author: Editor