
හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් සහ හිටපු ආණ්ඩුකාරවරුන් වන ඒ.එල්.ඒ.එම්හිස්බුල්ලා සහ අසාද් සාලි යන මහත්වරුන්ට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කිරීමට පොලිස් මූලස්ථානයේ ස්ථාපිත කළ කමිටුවට ඊයේ (05) වන විට ලැබී තිබුණේ එක් පැමිණිල්ලක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.
සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා විසින් එම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති අතර ඒ හිටපු ඇමති රිෂාඞ් බදුර්දීන් මහතාට එරෙහිවයි.
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්යක්ෂ ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී පී.කේ.ඩී. ප්‍රියන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් එම කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ පොලිස් නීති කොට්ඨාසයේ අධ්‍යක් පොලිස් අධිකාරී නීතීඥ ජාලිය සේනාරත්න සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්යක්ෂ පොලිස් අධිකාරී ප්‍රියන්ත ලියනගේ යන මහත්වරුන්ය.
සියළු පැමිණිලි ලබන 12 වෙනිදා දක්වා පෙරවරු 08. 00 සිට පස්වරු 04. 00 දක්වා භාරගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කරයි. ඉදිරිපත් කරන පැමිණිලි වලට අදාල කරුණු සනාත කිරීමට ලිඛිත හෝ වෙනත් සාක්ෂි ඉදිරිපත් කරන ලෙස ද ගුණසේකර මහතා පැමිණිලිකරුවන්ගෙන් ඉල්ලා සිටී.