පොලිස්පතිගේ මූලික අයිතිවාසිකම් පෙත්සම කල් යයි

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් සේවයෙන් පහ කිරීමේ පටිපාටි සහ ආණ්ඩුකම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් තමන් අනිවාර්ය නිවාඩු යැවීමට ගත් තීරණය නීතිවිරෝධී යැයි ද තමන් යළි තනතුරේ පිහිටුවන ලෙස නියෝග කරන මෙන් ඉල්ලා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම මේ මස 24 වැනි දා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය

මෙම පෙත්සම අද (7) බුවනෙක අලුවිහාරේල ප්‍රසන්න ජයවර්ධන සහ එල් ටී බී දෙහිදෙනිය යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරණි.

Recommended For You

About the Author: Editor