මරණ මඤ්චකයේදී ඇතිවන සිතුවිලි

උණුවතුර බුබුලේ පියදස්සි හිමි

‘‘මරණය’’ යනු මේ ලොව උපන් කාහටත් පොදු වූ ධර්මතාවයකි. ලොවෙහි යම් සත්ත්වයෙක් උපන්නහොත් ඔහු ජරා, මරණ දෙක හිස මත තබාගෙන පැමිණෙන බව ලොව්තුරා අමා මෑණි බුදු පියාණන් වහන්සේ ම දේශනා කරති. එහෙයින් අප නිරන්තරයෙන් මැරෙන, මිය යන සත්ත්වයන් වශයෙන් කල්පනා කොට පරලොව දිවියට අවශ්‍ය කුසල් දහම් සිදුකර ගත යුතුය.

එසේ නම් මිය යන මිනිසුන් වශයෙන් මරණයෙහි ඇති ස්වභාවය තතු සේ දැනගත යුතුයි. මන්ද යත්, ලොව ඇති සියල්ලක් ම ජය ගත හැකිය. නමුත් මරණය ජයගත නොහැකිය.

මරණාසන්න මොහොතේ අප සමීපයට එන්නේ මාරයා ය. ඔහුත් සමග විශාල සිතුවිලි සටනක යෙදෙන අපි අවසානයේ ඔහුට පරාජය වෙති. ඔහුට පරාජය වුවහොත් ඒකාන්තයෙන්ම අප පරලොවදී ගමන් කරන්නේ දුගතියට ම ය.

මරණාසන්න මොහොතේ දී ඇති වන සිතුවිලි සමුදායක් ඇත. තවද, අවසාන වශයෙන් ඇතිවන සිතුවිල්ලක් ද ඇත. ඒ ‘‘චුති සිත’’යි. එසේ නම් මියයන මොහොතේ ඇතිවන සිතුවිලි හා චුති සිත පිළිබඳ ධර්මානුකූල විග‍්‍රහයක් මෙම සදහම් පුස්තකය ඇසුරින් අප ඔබට දක්වන්නෙමු.
මිය යන මොහොතේ කිව නොහැකි දේ

මිය යන කෙනෙකුට කිව නොහැකි දේවල් පහක් (5) අංගුත්තර නිකායේ පඤ්වක නිපාතයේ දී තිලෝගුරු අමාමෑණි බුදුපියාණන් වහන්සේ දේශනා කරති. එනම්,
1 මිය යන වේලාව.
2 මිය යන ස්ථානය.
3 මිය යන විට අවසාන සිතුවිල්ල (චුති සිත)
4 මිය යන විට හැදෙන අසනීප.
5 මිය ගොස් නැවත උපදින ස්ථානය.
යන මේ කාරණා පස මිය යන මෙහොතේ දී කිසිම කෙනෙකුට කිව නොහැකි බව බුදු පියාණන් වහන්සේ දේශනා කරයි. චුති සිත යහපත් එකක් කර ගැනීමට හැකි නම් ඔබ දිනුම්ය. මරණ මඤ්චකයේ දී මාරයා සමග ගැටෙන අපි බොහෝ විට මාරයාට පරාජය වෙමු. තව ද, සංසාරයෙහි ඔබ අනන්ත වාරයක් ඔහුට පරාජය වී සතර අපායට වැටුණු වාර ගණන අප‍්‍රමාණය. එහෙයින් මෙවැනි උත්තරීතර මනුෂ්‍ය ආත්මභාවයක් ද ඔබ ලබා ගත්තේ මාරයා පරාජය කිරීමෙනි. නමුත් ඔබ මේ ආත්මය තුළ දී පස් පව්, දස අකුසල් සිදුකළහොත් අවසානයේ මරණාසන්න මොහොතේදී මාරයාට පරාජය වනවා ඒකාන්තය.

එසේ නම් ඔබ කළ යුත්තේ මරණාසන්න වේලාවට උපදින අවසාන සිතුවිල්ල හෙවත් චුති සිත යහපත් එකක් කර ගැනීමයි. එවිට ඔබට මේ දුක්ඛිත මනුෂ්‍ය ලෝකය මෙන් නොව අප‍්‍රමාණ සැපැති සදිව්‍ය තලයන්ට ද ගමන් කොට කල්ප ගණනක් සැප සම්පත් භුක්ති විඳීය හැකිය.

එසේ සැප විඳීමට ඔබ කළ යුත්තේ ඔබ කළා වූ කුඩා පින්කමකින් හෝ චුති සිත පිහිටුවා ගැනීම ය. එවිට මාරයා ඔබට ඇතිකරවන සිතුවිලිවලින් අතමිදීමට ඔබට හැකියාව ඇත.

චුති සිත යහපත් එකක් කර ගැනීමට දැන් සිට ම ඔබ සූදානම් විය යුතුය. ඒ සඳහා ‘‘පිං පොතක් ’’තබා ගත යුතුය. තව ද, සද්ධර්මය ශ‍්‍රවණය කළ යුතුය. එසේ ම, මෙවැනි දහම් පොතපත මුද්‍රණය කරවා බෙදා දීමෙන් පවා ඔබට මහත් කුසල් අත්පත් වේ. ඉහත සඳහන් කළ පිංකම් අතුරින් කුමක් හෝ පිංකමක් ඔබ සිදුකොට ගෙන ඇත්නම් ඔබ කිසිදා මාරයාට බිය වීමට අවශ්‍ය නැත. චුති සිත ද ඒ කළා වූ පිනකින් පුරාවා ගෙන සුුගතියට යාමට අවශ්‍ය මාවත සාදා ගත හැකිය.

මරණාසන්න මොහොතේදී දත් විලිස්සා ගත් පුරුෂයන් දෙදෙනකු දුටුවහොත් ?

යමෙක් ජීවත් ව සිටින කාලයේ තමා විසින් සතුන් මරයි ද, සොරකම් කරයි ද, බොරු කියයි ද, කාමයෙහි වරදවා හැසිරෙයි ද, සුරා පානය කරයි ද, පිං දහම් කරන්නවුන්ට දෝෂාරෝපණය කරයි ද, සිල්වතුන්ට, ගුණවතුන්ට නින්දා අපහාස කරයි ද, ඔවුන්ගේ මරණාසන්න මොහොතේ දී ඒවා සියල්ල ම මාරයා විසින් සිහිපත් කර දෙයි. එවිට අවසානයේ දී ඔවුන්ගේ චුති සිත පිහිටන්නේ දත් විලිස්සා ගත් යම පල්ලන් දෙදෙනකු සමීපයේ ය. එවිට යමපල්ලන් දෙදෙනා ඔවුන් රැුගෙන නරකාදියට ගමන් කරති.
එහෙයින් මරණාසන්න මොහොතේ දී එවැනි විකාර රූප දර්ශනය වුවහොත්, එවැනි සිතුවිල්ලක් හෝ මතක් වුවහොත් ඒකාන්තයෙන් ම ඔවුන්ගේ ඊළඟ භවය හෙවත් ප‍්‍රතිසන්ධිය නරකාදියේ ම ය.

මරණාසන්න මොහොතේ දී අඹු දරුවන් සිහිපත් වුවහොත් ?

යමෙක් මරණාසන්න මොහොතේ ඔහුගේ හෝ ඇයගේ දරුවන් හා ඥාතීන් ඔහු වටා එක් රොක් වී ඇඞීමට පටන් ගනිති. එවිට ඔහුට හෝ ඇයට සිහිපත් වන්නේ ම ඥාතීන් හා දරුවන් ය. පසුව ඔවුන්ගේ අවසාන චේතනාව හෙවත් චුති සිත දරුවන් කෙරෙහි, බිරිඳ කෙරෙහි, සැමියා කෙරෙහි පිහිටා පේ‍්‍රතයන් වී ඔවුන් සමීපයට අවුත් ‘‘පිං දෙන්නැ’යි ’’ ඉල්ලති. පිං නුදුන්නහොත් සුජීවත්ව සිටින අයට විවිධ කරදර පීඩා ද ඇති කරති. එවැනි පේ‍්‍රතයන් බුදුපියාණන් විසින් ‘‘පරදත්‍ථුප ජීවී’’පේ‍්‍රතයන් ලෙස හඳුන්වා ඇත.

මරණාසන්න මොහොතේ දී ගෙවල් දොරවල් හා ඉඩකඩම් සිහිපත් වුවහොත් ?

යමෙක් මරණාසන්න මොහොතේ තමා විසින් පරිභෝග කළ නිවාස හෝ ඉඩකඩම් හෝ වතුපිටි සිහිපත් වුවහොත් ඔහුගේ ඊළඟ භවය ‘‘ගෙවල පේ‍්‍රත’’ නැමති භූත ලෝකයේ ය. එහි දී ඔවුන් තම ගෙය, ඉඩම හා වත්ත සොයා ගෙන පැමිණේ. නමුත් ගේ දොර, වතුපිටි විනාශ වී ගියත් ඔවුන් එතැනින් ඉවත් නොවන්නේ ය. එයට හේතුව නම් ඔවුන්ගේ සිත තුළ ගෙය, ඉඩම, වත්ත තිබෙන නිසාය. අප විසින් නිවෙසක් හදන විට එම භූමියට විවිධ පුද පූජාවන් පවත්වන්නේ එම ඉඩමට අරක් ගත් ඔවුන් පලවා හැරීමට ය.

මරණාසන්න මොහොතේ දී යාන වාහන සිහිපත් වුවහොත් ?

යමෙක් මරණාසන්න මොහොතේ දී තමා පරිහරණය කළ යාන වාහන ආදිය දුටුවහොත්, සිහිපත් වුවහොත් ඔවුන්ගේ අවසාන චේතනාව හෙවත් චුති සිත ඒවා කෙරෙහි ඇලීමෙන් එම යාන වාහනවලට ම පේ‍්‍රතයින්, භූතයින් වී පැමිණෙති. තව ද, ඔවුන්ගෙන් පසුව ඒවා හිමි වන අයට ද ඔවුන් නිසා ඒවා පරිහරණය කිරීමට ද නොහැකිය. හදිසි ගමන් යාමට සැරසෙන විට වාහන ක‍්‍රියා නොකිරීම, අතරමඟ දී නතර වීම ආදිය ඒවාට නිදසුන් ය. එමෙන් ම එම යාන වාහන පරිහරණය කරන්නවුන්ට මරණය පවා ගෙන ඒමට, රිය අනතුරු කොට මරා දැමීමට එම ‘‘යානා පේ‍්‍රත’ නැවැති භූත කොටසට හැකිය.

මරණාසන්න මොහොතේ දී කෑම බීම ආදිය සිහිපත් වුවහොත් ?

යමෙක් මරණාසන්න මොහොතේ දී තමන් ආසා කළ විවිධ කෑම බීම ආදිය සිහිපත් වේ. එසේ සිහිපත් වුවහොත් ඔවුන් ඊළඟ භවයේ දී ඒකාන්තයෙන් ම පේ‍්‍රත ලෝකයෙහි ම උපදී. අසූචි වළවල්වල ද, කුණු කෑම ගෙන ගොස් දමන ස්ථානවල ද ඔවුන් සැරිසරති.

එසේම තමා ජීවත් වූ නිවෙස්වලට පවා අවුදින් රාත‍්‍රියෙහි මුළුතැන්ගෙයි ඇති බඩුමූට්ටු පවා පෙරළති. ඒ තමා ආසා කරන කෑම බීම සෙවීමට ය. තව ද, ගෙදර සිටින තම ඥාතීන්ට, දරුවන්ට ද ඔවුන් නිසි මහත් කරදර ඇති වේ.

සුරාවට ඇබ්බැහි වූවන්ට ද එසේම ය. ඔවුන් මරණාසන්න මොහොතේදී තමා පානය කළ මත්පැන්, මත්ද්‍රව්‍ය සිහිපත් වේ. අවසානයේ දී මරණයට පත් වී පේ‍්‍රතයන්ව උපදී. ඉන් පසුව ඔවුන් සුරා පානය කරන්නවුන්ගේ ශරීරයට ද ඇතුළුවතමන්ට ඇති තරම් සුරා පානය කර ගනිති. එසේ නැතහොත් තැබෑරුම් හෙවත් සුරා වෙළෙඳසැල් අසලට ගොස් සුරා පානය කරන්නවුන් දෙස බලා සතුටු වෙති. තව ද අප‍්‍රමාණ වූ දුකකට ද පත් වෙති.
මරණාසන්න මොහොතේ දී කෑම බීම ආදිය සිහිපත් වුවහොත් අප හට ද අත්වන්නේ මේ ඉරණම බව ඔබ දැනගත යුතුය.

තමා පරිහරණය කරන දේවල්වලට ආශාවෙන් මරණයට පත් වුවහොත් ?

මේ පිළිබඳව ඔබට උදාහරණක් දක්වමි. මෙය එංගලන්තයේ ලන්ඩන් නුවර සිදු වූ ප‍්‍රසිද්ධ කතාවකි. ලන්ඩන් නගරයේ ඇති ප‍්‍රසිද්ධ හෝටලයක එක්තරා කාමරයකි. කිසිවෙකුට එහි රැුය පහන් කළ නොහැකිය. වරදකින් හෝ කෙනෙකු එහි රැුය පහන් කළහොත් පසුදා උදෑසන දක්නට ඇත්තේ ඔහුගේ මළ කඳ පමණි.

දිනක් මේ අභිරහස සෙවීමට එක්තරා පූජකයෙක් පැමිණියේ ය. මෙතුමා හෝටල් කළමනාකරුගේ අකමැත්තෙන් ම තෝරා ගත්තේ එම කාමරය ම ය. කෙසේ නමුත් එදින මැදියම් රැුයේ දී දෙකකුලින් කවුරුන් හෝ අදිනු දැනී ඔහු අවදිව බලන විට තම කකුල් දෙක පාමුල විශාල ඇටසැකිල්ලක් සිටිනු දැක බිය නොවී ‘‘ඔබ කවුදැ’යි ඇසීය. එවිට ඔහුට ලැබුණ පිළිතුර නම් ‘‘මම මේ කාමරේ බොහෝ කල් වාසය කරපු කෙනෙක්. මම කැමැති නැහැ කවුරුත් මගේ කාමරයට එනවාට’’ යැයි එම පිළිතුරයි.

පසුව පූජකයා තමා අත තිබූ බලගතු දෙයකින් ඇටසැකිල්ලට දමා ගැසීය. එතැන් සිට එම ඇටසැකිල්ල දක්නට නොලැබුණේ ය. පසු දා උදේ එම පූජකයා එම විස්තරය හෝටල් කළමනාකරුට පහදා දී යන්නට ගියේ ය.
මෙයින් අප දැනගත යුතු වන්නේ තමා පරිහරණය කරන ඇඳුම්, පැළඳුම්, කාමරය, එහි ඇති බඩු භාණ්ඩ ආදිය කෙරෙහි මිය ගියහොත් ඒකාන්තයෙන් ම ඔබ ඒවාට ආශාවෙන් පේ‍්‍රතයන් වී ඒමට සිදුවන බවය. එහෙයින් මරණ මඤ්චකයේ දී අප පරිහරණය කරන දේවල් මතකයට නොඒවායි ප‍්‍රාර්ථනා කරමු. කුසල කර්මයක්ම සිහිපත් වේවායි ප‍්‍රාර්ථනා කරමු.

නින්දේ දී මරණයට පත් වුවහොත් ?

නින්දේ දී මරණයට පත් වුවහොත් සුගතියට යන බව බොහෝ දෙනා සිතති. නමුත් එය එසේ නොවේ. ජීවිත කාලය පුරාවට ම පස් පව්, දස අකුසල් කරමින් දිවි ගෙවූ අය ද නින්දේ දී මරණයට පත් වෙති.

පිං දහමෙහි නිරත වෙමින් කුසල් දහම් වඩමින් ජීවිත කාලය පුරාවට ම යහපත් දේවල් සිදුකරන අය ද නින්දේ දී මරණයට පත් වෙති. නමුත් ජීවිත කාලය පුරාවට ම පස් පව් කරමින් දිවි ගෙවූ කෙනා නින්දේ දී මිය ගියත් අපායගාමී වෙයි. එයට හේතුව නම් ඔහු නිදාගෙන සිටියත් නින්දේ දී දකින සිහිනයක් සේ ඔහුට කළා වූ පස්කම් පෙනේ. හීනය අවසානයේ ඇහැරෙන්නේ යම් සේ ද එසේ ඔහු ද එම පස් පව් වැඩ සිහිවී අවසානයේ මරණයට පත් වී අපාගත වන්නේ ය.

පිංකම් කළවුන්ට ද එසේ ම ය. ඔවුන්ට ද නින්දේ දී තමා කළ පිංකම් හීනයක් මෙන් පෙනී අවසානයේ ඔවුන් ද සුගතිගාමී උප්පත්තියක් ලබති.
මරණාසන්න මොහොතේ දී දිව්‍ය රථ දිව්‍ය විමාන දර්ශනය වුවහොත් ?
ඔබගේ මරණාසන්න මොහොතේ දී දිව්‍ය රථ, දිව්‍ය විමාන ආදිය ඔබ දුටුවහොත් ඒකාන්තයෙන් ම ඔබගේ ඊළඟ උපත සිදුවන්නේ දිව්‍ය ලෝකයෙහි ය. ‘‘චාතුම්මහා රාජිකය, තාවතිංසය, යාමය, තුසිතය, නිම්මාණයරතිය, පරිනිම්මිත වසවර්තිය’’ යන දිව්‍ය ලෝක සයෙහි වැඩ සිටින ‘‘අල්පේ ශාක්‍ය, මහේ ශාක්‍ය’’ ආදී දෙවිවරුන් සේ ඔබට ද දිව්‍යාංගනාවන් දහස් ගණනක් දේවතාවුන් දහස් ගණනක් ලැබෙන්නේ ය.

තව ද දිව්‍යාංගනාවක්, දිව්‍ය අප්සරාවක් දුටුවහොත්, ඒ දිව්‍ය ලෝකයට ඔබව රැගෙන යාමට පැමිණි පිරිස බව ඔබ දැනගත යුතුය. ‘‘දන්දීම, සිල් රැකීම, බණ භාවනා කිරීම, පන්සල් යාම, බුදුන් වැඳීම’’ එවැනි පිංකම් කිහිපයකි.

මරණාසන්න මොහොතේ දී මනුෂ්‍ය මවකගේ කුසක් දුටුවහොත් ?

‘‘මනුස්ස ලෝකේ උපට්ඨකෙ මාතු කුච්දිස්වා උපට්ඨාති’’ මරණාසන්න මොහොතේ දී ඉහත බුදු වදන අනුව මනුෂ්‍ය අම්මා කෙනෙකුගේ ගැබක් හෝ කුසක් දුටුවහොත් ඒකාන්තයෙන් ම ඔහුගේ උප්පත්තිය මනුස්ස ලෝකයේ ය. නමුත් දුප්පත් අම්මා කෙනෙකුගේ ද, පොහොසත් අම්මා කෙනෙකුගේ ද යන්න නිවැරදිව දැක්වීමට නොහැකිය.

එය බෙදෙන්නේ තමා කළා වූ කුසල් අකුසල් දෙකට අනුව ය.

මරණාසන්න මොහොතේදී ලෝහ ගුලි, ලෝදිය, කටු කම්බි, ගිනි දැල් ආදිය දුටුවහොත් ?

‘‘තත්‍ථ නිරයේ උපත්ථහන්තේ ලෝබකුම්බි දිස්වා උපට්ඨාති’’
එසේ දක්නට ලැබෙන්නේ අපායෙහි උපත ලබන්නෙකුට
බව ඔබට මෙය නොකියාම වටහා ගත හැකිය. මෙලොව යමෙක් ජීවත් ව වාසය කරද් දී, සතුන් මරයි ද, සොරකම් කරයි ද, මත්පැන් පානය කරයි ද, කාමයෙහි වරදවා හැසිරෙයි ද, ඔවුන් සියලූ දෙනාම මරණ මඤ්චකයේ දී ඉහත සඳහන් කළ දේවල් තමා ඉදිරියේ දිස්වීමට පටන් ගනී. අවසානයේ මිය ගොස් ඔවුන් සියලූ දෙනා ම අපායෙහි හෙවත් නිරයේ උපත ලබති. ඔබ කළා වූ පව්කම් ගැන සිතා පසුතැවිලි නොවන්න. වර්තමානයේ දී ඔබ කරන පිංකම් ගැන සිතා සතුටු වන්න. ඔබ ඒ බව නිසි අයුරින් අවබෝධ කර ගැනීමට කාශ්‍යප බුදුන් දවස සිදු වූ මෙ කතා පුවත ගෙන හැර දක්වමි.

‘‘අතීතයේ කාශ්‍යප බුදුන් දවස උපසම්පදා භික්ෂුවක් ප‍්‍රාතිමොක්ෂ සංවර ශීලය හෙවත් කෝටියක් සංවර ශිලය තම දෑස් දෙක මෙන් ආරක්ෂා කළේය. මේ අයුරින් උන් වහන්සේ බොහෝ සිල්වත්, ගුණවත් දිවිපෙවෙතක් ගත කළහ.

දිනක් උන් වහන්සේ ගඟකින් එතෙර වීමට යන විට විශාල සැඩ පහරකට හසුව ගසා ගෙන යන අතර තුර පණ බේරා ගැනීම සඳහා ගඟ දෙපස ඇති ගසක අත්තක් අල්ලා ගත්හ.

කෙසේ නමුත් අත්ත කැඞී උන් වහන්සේ අතට ආවේය. උපසම්පදා ශීලය රකින භික්ෂුවකට ගසක අත්තක් තබා කොළයක් කැඞීමටවත් සංවර නීතියෙන් තහනම් ය. පසුව උන් වහන්සේ තමන් කළා වූ වරද සිහිපත්ව එම සිහියෙන් ම ගඟ දියෙහි ගිලී අපවත් වූහ.

උන් වහන්සේ අපවත් වූ පසු ගං ඉවුරේ ම විශාල පිඹුරෙක් ව උපන්නේ ය’’ ඔබ ම සිතා බලන්න, මිය යන විට මාරයා කොපමණ නම් අපිව ග‍්‍රහණය කරගන්නවාදැ’යි කියලා. අහෝ සිදු වූ විපතක මහතකි. අවුරුදු විසිදහසක් මුළුල්ලේ තම ඇස් දෙක මෙන් රැුකි උපසම්පදා කෝටියක් සංවර ශීලයත් ආහෝසි වී මරණ මඤ්චකයේ කළා වූ, ගසක අත්තක් කැඞීමේ වරදින් උන් වහන්සේ පිඹුරෙකු වී තිරිසන් අත්මයක උපත ලැබුවේ ය.

එහෙයින්, මෙම කුසල ග‍්‍රන්ථය කියවන ඔබ ද ඔබ කළ අකුසල් සිහිපත් නොකර නැවත නැවත පිං දහම් කරන්න. පෙර කළා වූ අකුසල් හෙවත් පව් වැඩ නැවත නොකරන්න. එවිට ඔබ කරන්නා වූ පුණ්‍යකර්මයන් මිය යන මොහොතේ දී සිහිපත් වෙනවා ම ය. තව ද එයින් ඔබගේ මෙලොව ජීවිතය ද පරලොව ජීවිතය ද යහපත් වන්නේය.

Recommended For You

About the Author: Editor