වඩුමඩු තහනමෙන් පමණක් ප‍්‍රශ්න විසඳන්න බැහැ – දිලුම් අමුණුගම

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් අසරණභාවයට පත්ව ඇති බවත් වඩුමඩු පමණක් නතර කිරීමෙන් ප‍්‍රයෝජනයක් නැති බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිලුම් අමුණුගම මහතා කියයි. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ අද (7) පැවැති මාධ්‍ය හමුවේදී දිලුම් අමුණුගම මහතා මේ බව ප‍්‍රකාශ කළේය.

එහිදී වත්මන් දේශපාලන ප‍්‍රවණතා ගැන වැඩි දුරටත් අදහස් දැක්වූ දිලුම් අමුණුගම මහතා මෙසේ ද සඳහන් කළේය.

ජනාධිපතිතුමා වඩුමඩු තහනම් කරන්න පියවර ගන්න බව කිව්වා. 2015 බලයට ආපු ආණ්ඩය මේ වෙද්දි ලක්ෂ 5ට අධීක රැකියා ප්‍රමාණයක් ජනතාවට අහිමිකරලා. ජනාධිපතිවරයා ගන්න තින්දු තීරණ හරහා රටේ ආර්ථිකයට, සුලු හා මධ්‍ය පරිමාන කර්මාන්තකරුවන්ට මොකද වෙන්නේ. මහා පරිමාණ දැව ජාවාරම් කරුවෝ මර්ධනය කරන්න පියවර ගන්නේ නැහැ.

ජනාධිපතිතුමා බලයට ආවට පස්සේ වැලි ජාවාරම නැවතුනාලු. එහෙම වුනේ නැහැ. වැලි ව්‍යාපාරය ජනාධිපතිතුමාගේ ඥාතීන් අතර ව්‍යාපාරයක් බවට පත් කළා. ඒ ව්‍යාපාරයේ යෙදුනු අය මැසිවිලි නගද්දි ජනාධිපතිතුමාගේ පවුලේ අය යහතින් ඒ ව්‍යාපාරයේ නිරත වෙනවා. මේ පියවර ගැනීමේදී ජාවාරම් කරුවන් අත්අඩංගුවට ගන්න. වඩුමඩු පමණක් නතර කරලා ප්‍රයෝජනයක් නැහැ. දැන් සුලු හා මධ්‍ය පරිමාන කර්මාන්තකරුවන් දැඩි අසරණ තත්ත්වයකට පත්වෙලා.

සමෘද්දි සහනාධාර ලබාදීම සම්බන්ධයෙන් අපේ විවේඡනයක් නැහැ. නමුත් ඒ ලබාදුන්න ක්‍රමවේදය ගැන විවේඡනයක් තියෙනවා. නිලධාරීන් විසින් හදපු ප්‍රමුඛතා ලේඛණය එජාපයේ සංවිධායකවරු හා ශාඛා සමිති ගෙන්වලා තමුන්ගේ එජාප පාක්ෂිකයින්ට පමණක් සහනාධාරය දෙනවා. මේක බරපතල අසාධාරණයක්.මේ සෑම ප්‍රතිලාභියෙක්ගෙන්ම 500 අය කිරිමක් කරලා මිලියන 3000ක් උත්සව කටයුතු සදහා පමණක් වැය කරනවා. මේ මුදල රජයට ලබා දිම සමහර සමෘද්දි බැංකු ප්‍රතික්ෂේප කරන කොට සමාජ ආරක්ෂණ අරමුදලෙන් මුදල් අරන්. එජාපයේ ප්‍රචාරණය සදහා මේ මුදල් වියදම් කරන්නේ කොහොමද? ප්‍රතිලාභ ලබා දෙනවා කියලා දිලිදු අයගෙන් රුපියල් 500ක් ගැනීම ගැනත් ආණ්ඩුව ලැජ්ජා විය යුතුයි. ආන්ඩුවේ අර්බුද ආණ්ඩුවටම විසදා ගන්න බැරිවයි ඉන්නේ. 

පළාත් සබා මැතිවරණය කල් ගිහින්. මහ මැතිවරණයට නිතිමය බාධාවක් තියෙනවා. ඒ නිසි නියමිතව තිබෙන්නේ ජනාධිපතිවරණයයි.සමහරු ගිහින් ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින්නේ එජාපයට විරුද්ධ බලවේගයට නායකත්වය දෙන්න කියලයි.එතුමාගෙන් ඉල්ලිම් කරලා වැඩක් නැහැ.එතුමා එජාපය එක්ක අත් වැල් බැදගෙන එජාපයට ඉදිරියට එන්න උදව් කරපු නායකයෙක්. ජනාධිපතිවරයාගෙන් කවුරු හෝ නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නයි ඉල්ලා සිටිනවා කියන්නේ එජාපය නැවත බලයට ගේන්න සහාය වෙනවා කියන එකයි. ශක්තිමත් නායකත්වයක් සමග අපි මැතිවරණයට පෙනී හිටිනවා. 

Recommended For You

About the Author: Editor