
අද (7) ශ්‍රී ලංකාවේ වේලාවෙන් ප.ව 03.00ට බ්‍රිස්ටල්හි පැවැත්වීමට නියමිතව තිබු ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර තරගය කාසියේ වාසිය හෝ උරගා බැලීමට හෝ අවස්ථාව නොලබාම වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදුවිය.
තරගය අත්හැර දැමීම හේතුවෙන් කණ්ඩායම් දෙකටම එක් ප්‍රසාද ලකුණ බැගින් හිමිවිය. ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවටත් සිවුවැනි ස්ථානය පාකිස්තානයටත් හිමිව තිබේ