ආගමික සංහිඳියාව සඳහා ‘‘ජාතික ආගමික සංහිඳියා මණ්ඩලයක්’’

ජාතික ආගමික සංහිදියා මණ්ඩලයක් පිහිටුවීමට කටයුතු කරන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. විවිධ ආගමිකයන් අතර පැන නැගි ඇති සැකසංකා දුරලිම හා ආගමික සමඟිය වෙනුවෙන් මෙම පියවර ගන්නා බවයි අගමැතිවරයා පවසන්නේ.

පවුල් ලක්ෂ හයකට සමෘද්ධි හිමිකම ලබා දීමේ ජාතික වැඩසටහනට සමගාමිව බද්දේගම ප‍්‍රදේශයේ පවුල් 4500ක් සදහා සමෘද්ධි හිමිකම් ලබා දීම සඳහා අද (8) පැවැති උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මෙහිදී අගමැතිවරයා වැඩි දුරටත් සඳහන් කළේ තෛයිනිකායික මහා සංඝරත්නය නිකුත් කළ නිවේදනය පිළිගනිමින් ඒ අනුව කටයුතු කිරීමට තම රජය පියවර ගන්නා බවයි.

Recommended For You

About the Author: Editor