මෙන්න ජපන්නුත් ‘වඳ වෙන්න’ පටන් අරන්

‘‘සිංහල ජාතිය වඳවීම’’ ලංකාවේ කාලයක් තිස්සේ පවතින බරපතළ ප‍්‍රශ්නයක්. දැන් දැන් එය වෙනත් මානයකින් ද එළියට පැමිණ තිබෙනවා. ඒත් මේ ගැන උන්නදුවක් දක්වන සමාජ විද්‍යාඥයෝ නම් කියන්නේ සිංහල ජාතිය වඳවීමේ කිසිදු අවදානමක් නැති බවත් එය සැලකිය යුතු වර්ධනයක් ද පෙන්නුම් කරන බවයි. ඒත් ඉතිං ඔය සංඛ්‍යා ලේඛන තේරෙන්නේ කීයෙන් කී දෙනාට ද ?

කොහොම වුණත් ‘‘ජපනා’’ කියන්නෙත් ලෝකේ බොහෝම ප්‍රෞඩ අභිමනාවත් ජාතියක්. නුමුහුන් ජාතියක්. ඒත් දැන් දැන් ජපනත් ‘‘වඳ වෙන්න’’ පටන් අරං කියලා නවතම සමීක්ෂණ වාර්තාවලින් හෙළිවෙලා තිබෙනවා.

පසුගිය දා ජපානයෙන් නිකුත් වුණ අලූත් ම සමීක්ෂණ වාර්තාවක කියන්නේ ජපානයේ දරු උපත් ප‍්‍රමාණය 2017ට සාපේක්ෂව 2018 දී සියයට 2.9කින් පහළ ගොස් ඇති බවයි.

මේ වාර්තාව ජපන් සමාජය කම්පනයට පත් කිරීමට සමත් වෙලා තිබෙනවා. වේගයෙන් මහළු වන, වැඩිම වැඩිහිටි සමාජයක් සිටින ජපානයේ දරු උපත් ප‍්‍රමාණය සැලකිය යුතු ප‍්‍රතිශතයකින් පහළ යාම ඇත්තටම දැවැන්ත සමාජ – ආර්ථික ගැටලූවක් බවයි සමාජ විද්‍යාඥයෝ කියන්නේ.

මේ ගැන තම අවධානය යොමු කළ ජපන් අගැතිවරයා කියන්නේ ‘‘මේ පහළ බැසීම බරපතල සමාජ ගැටලුවක්. එය යථා තත්ත්වයට පත්කර ගැනිම සදහා කඩිනම් කි‍්‍රයාමාර්ග ගතයුතුයි’’ කියලයි.

Recommended For You

About the Author: Editor