
රටේ වන සම්පත රැක ගැනීම වෙනුවෙන් කිසිදු දේශපාලනඥයෙකු නොගත් තීන්දු තිරණ රැසක් තමා ඉකුත් සිව් වසර තුළ ගත් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මෙම අදහස් දැක්වූයේ අද (08) පෙරවරුවේ මුලතිව් ප්‍රාදේශීය සභා කි‍්‍රඩාංගණයේ පැවති 'රට වෙනුවෙන් එකට සිටිමු' මුලතිව් දිස්ති‍්‍රක් වැඩසටහනේ සමාප්ති උත්සවය අමතමිනි.
පරිසරය වෙනුවෙන් වූ එම සියලූ තීන්දු තීරණ ගත්තේ ඡන්ද බලාගෙන නොව මිනිසාගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීමට බව ද ජනාධිපතිවරයා කියා සිටියේය. වඩු මඩු සහ ලී මෝල් ස
දහා අලූතින් බලපත්‍ර නිකුත් කිරීම පිළිබදව පරිසර අමාත්‍යවරයා ලෙස තමා ගත් තීන්දුව බොහෝ දෙනා අවඥාවෙන් බැහැර කළ ද රටේ වන සම්පත සීග්‍රයෙන් අහිමිවී යාමත් සමග මිනිසා ප්රමුඛ සියලූ සතා සීපාවට ජීවත්වීම පිළිබ
ද බරපතළ අභියෝගයකට තවත් වසර 15-20ක් ගත වන විට මුහුණදීමට සිදුව තිබෙන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
එබැවින් පරිසරය රැුකීමට ගන්නා තීන්දු තීරණවල දී දේශපාලන මති මතාන්තරවලින් තොරව ගැටලූව දෙස අවංකව බලන්නැයි තමා සියලූදෙනාගෙන් ඉල්ලන බව ද ජනාධිපතිවරයා පැවසීය.
ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ මෙරට වනාන්තරවලින් 95% ක් විනාශ කරන්නේ ජාවාරම්කරුවන් විසින් බව සොයාගෙන තිබෙන බවයි.
ලී මෝල් සදහා නිකුත් කර ඇති බලපත්‍රවලට මුවා වී මෙම ජාවාරම් සිදු කෙරෙන අතර, අධික ලෙස සිදුවන ගස් කැපීම් හේතුවෙන් ජල මුලාශ්රවලට සහ පරිසරයට විශාල හානියක් සිදුවෙමින් පවතින බව පරිසර විද්‍යාඥයන් පෙන්වා දී තිබෙන බව ද ජනාධිපතිවරයා ස
දහන් කළේය.
එබැවින් ජීවිතය මෙන් වන සම්පත ද රැක ගත යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.