
හොංකොං රාජ්‍යයේ අපරාධකරුවන්ට විරුද්ධව ඇති නඩු චීන අධිකරණය හමුවේ විභාග කිරීමට චීන ආණ්ඩුව ගත් තීන්දුවට එරෙහිව හොංකොං ජනතාව ලක්ෂ ගණනින් වීදි බැස තිබෙනවා.
චීනයේ නව නීතිය ගැන අදහස් දක්වන හොංකොංහි විරෝධතාකරුවන් පවසන්නේ අපරාධකරුවන් රැගෙන යන මුවාවෙන් චීනය විසින් ඔවුන්ට විරුද්ධ මතධාරීන් චීනය වෙත රැගෙන යාමට කටයුතු කරනු ඇති බවයි.
2014 වසරෙන් පසු හොං කොං රාජ්‍යයේ පැවැත්වෙන විශාලතම උද්ඝෝෂණ මාලාව මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.