
වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව ධාවනය, දුම්රිය මාර්ගයට අපරික්ෂාකාරී ලෙස රථ වාහන ඇතුළු කිරීම, මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය, වලංගු රක්ෂණ සහතිකයක් නොමැතිව රිය ධාවනය සහ නොසැලකිලිමත් රිය ධාවනය ඇතුළු රථ වාහන වැරදි 06ක් සම්බන්ධයෙන් වන දඩ සංශෝධන නීති ලබන සතියේ සිට ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා ප්‍රකාශ කළා. නව දඩ සංශෝධන අනුව ඉහත සඳහන් රථවාහන වැරදි සම්බන්ධ අවම දඩය රුපියල් 25,000 දක්වා වැඩිකර තිබෙනවා.