ඉරාන ආගමික පොලිසියට ආපනශාලා සංගීතය අරහං වෙලා

ආගමික මූලධර්මවාදය හෝ ආගමික නායකයින් බලවත් වුණ සමාජයක පුද්ගල නිදහස සහ සතුට අසීමිත ලෙස සීමා වීම හෝ නෙසලකා හැරීම සුලභ තත්ත්වයක්. ඒ පුරවැසියාගේ සියලූම කාර්යයන් සිදුවිය යුත්තේ ‘‘පොතේ හැටියට’’ බව ආගමික නායකයින් බහුතර සිතන නිසයි.

ඉරානය කියන්නේ ආගමික අන්තවාදයේ උපරිමයට ගිය සහ ආගමික නායකයින් දේශපාලන වශයෙන් සුපිරි තත්ත්වයක් ආරෝපණය කර ගෙන සිටින රටක්. ඇත්තටම ඉරනායේ තිබෙන්නේ ‘‘මුල්ලාවරුන්ගේ පාලනයක් ’’ බවයි ජාත්‍යන්තර මාධ්‍ය කියන්නේ. මේ නිසා ඉරාන ජනතාව විඳින පීඩනයේ සීමාවක් නැහැ. තෙල් සම්පතින් ආඨ්‍ය වුණත් ඒ ධනයෙන් නිදහස් ජීවිතයක් ගත කරන්න ඉරාන පුරවැසියන්ට නොහැකි වෙලා තිබෙන්නේ බටහිර සමග විශේෂයෙන් ඇමෙරිකාව සමග ඉරාන ආගමික නායකයින්ගේ සහ බලය රැුක ගැනීම උදෙසා ආගමික නායකයින්ගේ සුරතලූන් බවට පත් දේශපාලනඥයින් නිසා.

මේ අතරේ තවත් අපූරු කතාවක් ඉරානයෙන් වාර්තා වෙනවා. එම වාර්තා අනුව ඉරාන පාලකයෝ එරට තුළ තිබෙන ආපනශාලා සම්බන්ධයෙන් දැන් දැන් වැඩියෙන් අවධානය යොමු කරන්න පියවර ගෙන තිබෙනවා.

ඉරාන ආණ්ඩුව මේ හෝටල් පිටුපස්සේ එළවන්නේ වෙන කිසිවක් නිසා නොවෙයි ඇතැම් ආපනශාලාවල මුල්ලා පාලනයට නොගැළපෙන බව කියන සංගීතය වාදනය කිරීම නිසයි.

මේ ආපනශාලා දඩයමට මේ වන විට මුල්ලාවරුන්ට අනුව නොගැළපෙන සංගීතය වාදනය කළ බව කියන ආපනශාලා 547ක් ගොදුරු වෙලා 11 දෙනෙක් අත්අඩංගුවට පත්ව තිබෙනවා. ඉරාන රජය කියන්නේ මෙවැනි ආපනශාලා සොයා තව දුරටත් මෙහෙයුම් කරන බවයි.

ආගමික නායකයෝ සහ කල්ලි බලවත් වීමේ සහ දේශපාලනය ඇතුළු මුළු සමාජයීය ජීවිතයම පාලනයට තැත් කිරීමේ නීරස දැන් දැන් ශ‍්‍රී ලංකාවේ අපිටත් ක‍්‍රමයෙන් හුරු වෙමින් තිබෙනවා. මෙහෙම තව ටික දුරක් ගියොත් ලංකාවත් ආගමික මූලධර්මවාදීන්ගේ ‘‘පොතේ ’’ නීතියට බිලිවන දිනය වැඩි ඈතක නැහැ.

Recommended For You

About the Author: Editor