උතුරේ ප‍්‍රශ්න ගැන නව දිල්ලියේදී කතා කිරීමට මෝදි සූදානම්

ශ‍්‍රී ලංකාවේ ජාතික ගැටලූව ඇතුළු දෙමළ ජනතාවගේ ගැටලූ හා ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් නව දිල්ලියේ දී හමුවී සාකච්ඡා කිරීමට කඩිනමින් අවස්ථාවක් ලබා දෙන බව අගමැති නරේන්ද්‍ර මෝදි මහතා දෙමළ ජාතික සන්ධානයට සහතික විය.

මෙරට නිල සංචාරයක් සඳහා අද පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දෙමළ ජාතික සන්ධාන මන්ත‍්‍රීවරුන් අතර ඉන්දීය තානාපතිවරයාගේ නිල නිවසේ විනාඩි 08ක් පමණ පැවැති සාකච්ඡුාවේදී ඉන්දීය අගමැතිවරයා මෙම පොරොන්දුව ලබා දුන්නේය.

මෙම සාකච්ඡුාව සඳහා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ධර්මලිංගම් සිද්ධාර්ථන්, එම්.ඒ. සුමන්තිරන්, සෙල්වම් අඩෙයිකලනාදන්, මාවෙයි සේනාධිරාජා යන මහත්වරුන්ද සහභාගී වුහ.

මෙහිදී දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් උතුරේ ජාතික ගැටලූව ඇතුළු දෙමළ ජනතාවගේ ගැටලූ හා ශ්‍රී ලංකාවේ තත්වය සම්බන්ධයෙන් නව දිල්ලියේ දී හමුවී සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දෙන මෙන් ඉන්දීය අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

එහිදී ඔවුන් පෙන්වා දුන්නේ ජනවාර්ගික අර්බුදයට ස්ථිර විසදුම් ගෙන ඒමේ අරමුණින් 1987 ඉන්දු ලංකා ගිවිසුමට අනුකූලව පුළුල් බලතල විමධ්‍යගත කිරීමක් සිදුකර නැති බවත් ඉන්දීය රජයේ මැදිහත්වීම මත නොබෙදුණු එක්සත් ලංකාවක් තුළ වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල දේශපාලන විසඳුමක් ජාතික ගැටලූවට ස්ථීර විසදුමක් වශයෙන් ලබාදිය යුතු බවයි.

උතුරේ ගැටලූව පිළිබඳව තමන් මනාව දන්නා බවත් දේශපාලන විසඳුම් ගෙන ඒම වෙනුවෙන් තමන් දැඩි අවධානයකින් යුතුව කටයුතු කරන බවත් ඒ සම්බන්ධයෙන් අදාළ පියවර ගන්නා බවත් මෙහිදී අගමැති මෝදි දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින්ට පොරොන්දු විය.

පලාලි ගුවන් තොටුපල ජාත්‍යන්තර ගුවන් තොටුපළක් වශයෙන් නවීකරණය කර ඉන්දියාව හා පලාලි අතර ගුවන් සේවයක් අැරඹීමට පියවර ගන්නා ලෙස දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් අගමැති මෝදිගෙන් ඉල්ලා සිටියහ.

මෙම ඉල්ලීම කෙරෙහි ද අවධානය යොමු කරන බවද අගමැති මෝදි මෙහිදී ප‍්‍රකාශ කළේය.

Recommended For You

About the Author: Editor