‘ගම්පහ සංඝ ආඥාවට’ දඹර හිමිගෙන් නිසි පිළිතුරු

මංගල සමරවීර සහ රාජිත සේනාරත්න යන ඇමැතිවරුන් දෙනාටත් චතුර සේනාරත්න මන්ත‍්‍රීවරයාටත් ගම්පහ ප‍්‍රදේශයේ පන්සල්වලට පැමිණීම වළක්වාලන ආඥාවක් පසුගිය දා එම ප‍්‍රදේශයේ භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් පැනවූ බවට පුවතක් වාර්තා වුණා.

මේ සංඝ ආඥාව ගැන සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු, පූජ්‍ය දඹර අමිල හිමියන් විසින් අද (9) එම ව්‍යාපාරය විසින් සංවිධානය කළ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වීමක් කළා.

පහත පළවන්නේ එම අදහස් දැක්වීමේ සංෂිප්තයක්.

ගම්පහ පැත්තේ හාමුදුරුවරු කට්ටියක් මංගල සමරවීර ඇමැතිවරයාට සහ රාජිත සේනාරත්න ඇමතිවරයාට යම් කිසි තහංචියක් පනවලා තිබුණා. සහභාගී කරගන්නේ නැතිය, විහාරස්ථානවලට ආරාධනා කරන්නේ නැතිය, විහාරස්ථානවලට පැමිණීම වැළැක්වීම දක්වා ක‍්‍රියාවලියකට යනවා කියලා ආඥාවක් නිකුත් කරන ස්වරූපයක් පෙන්නුවා.

රාජිත සේනාරත්න සහ මංගල සමරවීර යන දෙන්න අපි හඳුනගෙන තිබෙන්නේ හොඳ බෞද්ධයින් විදිහට. අපි මේ භික්ෂූන් වහන්සේලාගෙන් අහන්න ඕනෑ විශේෂයෙන්ම එදා අරන්තලාවේදී භික්ෂූන් වහන්සේලා තිස් ගණාක් කපා කොටා මැරීමට මැදිහත් වුණ කරුණා අම්මාන්ට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිකම් දෙන වේලාවේ කවුරුද, මොන හාමුදුරුවොද කිව්වේ ‘පන්සලට එන්න එපා කියලා’’ මොනව තහනම ද දුන්නේ ‘කරුණට එන්න එපා’ කියලා. කරුණට උප සභාපතිකම් පිදු මහින්ද රාජපක්ෂට එන්න එපා කියලා කියව්වද ? ඒ ගැන වගේ වගක් නැතිව ඒ ගොල්ලෝ හිටියේ.

මහින්ද රාජපක්ෂගේ පුත්තු ශ‍්‍රී දළඳා මාළිගාව අභිසය රුසියානු ගණිකාවන් ගෙනත්ලා නටවන කොට මොන හාමුදුරුවන්ට ද පණ ආවේ ඔවුන්ට දළඳා මාලිගාව තහනම් කරන්න. ඒ කිසි කෙනෙකුට එහෙම පණක් තිබුණේ නැහැ.

මේ වෙන කිසිම දෙයක් නෙමේ පොහොට්ටුවේ ක‍්‍රියාකාරී හාමුදුරුවන්ගෙන්. ඒ හාමුදුරුවරු අතර මම දැක්කා ශාසනාරක්ෂක මණ්ඩලයේ පුටුවේ, ළදැරියන්ව දුෂණය කරලා වරදකරුවෙක් වෙලා අවුරුදු 07 එංගලන්තේ බන්ධනාගාරයක ඉඳලා එළියට ආපු පුද්ගලයෙක් කියනවා, මේ විශිෂ්ඨ ඇමැතිවරුන්ට ගම්පහ පන්සල්වලට එන්න එපා කියලා.

තමන් කවුද කියලා දැනගෙන වැඩ කරන්න ඕනෑ. නිකං හෑල්ලූවට ලක් වෙන දෙකයි පනහේ වැඩ කරන්නේ නැතිව.

Recommended For You

About the Author: Editor