
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ විශේෂ ආරාධනය පරිදි දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ ජනපතිවරයා අතර නිල හමුව අද (09) දහවල් ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
ජනාධිපති කාර්යාලය වෙත පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.
ආචාර වෙඩිමුර සහිත හමුදා උත්තමාචාර පිළිගන්වමින් මහත් හරසරින් මෙම පිළිගැනීම සිදු විය.
දෙවන වරටත් ඉන්දීය අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් නරේන්ද්‍ර මෝදි මහතා ඉන් අනතුරුව පළමු රාජ්‍ය තාන්ති‍්‍රක හමුවට එක් වූයේ ද ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සමග වන අතර එම හමුවේ දී ජනාධිපතිවරයා විසින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත මෙම නිල ආරාධනය පිළිගන්වනු ලැබීය. එමෙන්ම පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාර මාලාවෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ සංචාරය කරන පළමු විදේශීය රාජ්‍ය නායකයා වන්නේ ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා යි.
ජනාධිපති කාර්යාලයේ පැවති අභිමානවත් පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුව ජනාධිපති මන්දිරය වෙත පැමිණි නායක දෙපළ එහි දී සාකච්ඡුාවලට එක් වූහ. ත්‍රස්ත ප්‍රහාරයකට ලක්ව රට තුළ නොසන්සුකාරී තත්ත්වයක් මතුව ඇති අවස්ථාවක තම රටට පැමිණ ලෝකයට ලබාදුන් පණිවිඩය පිළිබ
ද මෙහි දී පළමුව ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත සිය ස්තූතිය පිරිනැමීය.
ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ අසල්වාසී මිත්‍ර රාජ්‍යයන් ලෙස ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති ශක්තිමත් සහ විශ්වසනීය සබදතාවය ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරයෙන් වඩාත් පිළිබිඹු වන බවයි.
එමෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙම සංචාරය ශ්‍රී ලංකාවේ ආර්ථික, වෙළෙ
ද මෙන්ම සංචාරක ක්ෂේත්රවල උන්නතියට වඩා යහපත් තත්ත්වයක් වනු ඇති බව ද ජනාධිපතිවරයා සදහන් කළේය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙහි දී ස
දහන් කළේ සහෝදර සහ මිත්‍ර රාජ්‍යයන් වල යුතුකම වන්නේ අසීරු අවස්ථාවල අත නොහැර එකිනෙකාට උපකාර කර ගැනීම බවයි.
ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස තමන්ට සිදු කළ ආරාධනය පිළිගත්තේ මහත් සතුටින් බව පැවසූ නරේන්ද්‍ර මෝදි මහතා ඉන්දියාව ශ්‍රී ලංකාව කෙරෙහි තබා ඇති විශ්වාසය ඉදිරියට ද එලෙසම බව කියා සිටියේය. එමෙන්ම සියලූ පාර්ශ්වයන්ගේ සහය ඇතිව සියලූ ජන කොටස් වෙනුවෙන් යුතුකම් ඉටු කරමින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා රට තුළ ගෙන යන වැඩපිළිවෙළ පිළිබ`දව ද නරේන්ද්‍ර මෝදි මහතා සිය සතුට පළ කළේය.
දෙරට අතර ද්විපාර්ශ්වික සබදතා තවදුරටත් ඉහළ නංවාගැනීම සහ කලාපීය ආරක්ෂාව මෙන්ම සාමය සහ ස්ථාවරත්වය පිළිබ
දව ද නායක දෙපළ අතර සාකච්ඡුා වූහ.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යන දෙරටම ත්‍රස්ත ප්‍රහාරවලට ලක් වූ රටවල් වන අතර කුමන අන්දමේ හෝ ත්‍රස්ත ප්‍රහාරයක් තරයේ හෙළා දකින බව අවධාරණය කළ නායකයෝ ත්‍රස්තවාදය දුරලීම සදහා ජාත්‍යන්තර සහයෝගීතාව වැඩිදියුණු කළයුතු බවට ද එක
ග වූහ.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන ගැඹුරු මිත්‍රත්වය පදනම් වී ඇත්තේ අන්‍යෝන්‍ය විශ්වාසය, අන්‍යෝන්‍ය ගරුත්වය සහ එකිනෙකාට සහය දැක්වීමේ ප්‍රතිපත්තිය මත බව ද මෙහිදී සදහන් කෙරිණි. දෙරට අතර එම සුවිශේෂී සහ සබ
දතාවය ඉදිරියේ දී තවදුරටත් ශක්තිමත් කර ගැනීමට නායකයෝ එකග වූහ. තමන් වෙත දැක්වූ උණුසුම් පිළිගැනීම සහ සත්කාර පිළිබ
ද ජනාධිපතිතුමා වෙතත් ශ්‍රී ලංකා රජය සහ ජනතාව වෙතත් සිය ස්තූතිය පුද කිරීමට ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙහිදී කටයුතු කළේය.
මේ අතර මෙම සංචාරය සනිටුහන් කරමින් ජනාධිපති මන්දිර පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමට ද නායක දෙපළ එක් වූහ.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරය සිහිපත් කරමින් අද දින නායක දෙපළ ලබාගත් ඡුායාරූපයක් සහ පසුගියදා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ පදවි ප්රාප්ති උලෙළේ දී ලබාගත් විශේෂ ඡුායාරූපයක් මෙහිදී ජනාධිපතිතුමා විසින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගැන්වීය.