
දක්ෂිණ ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංඝ නායක, රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති, අග්ගමහා පණ්ඩිත, මහෝපාධ්‍ය අතිගෞරවණීය පල්ලත්තර ශ්‍රී සුමනජෝති නායක ස්වාමීන් වහන්සේ අද (9) අලූයම අපවත් වූහ.
1924.07.15 වන දින පල්ලත්තරදී උපත ලබා 1941 11 03 වන දින මුල්කිරිගල රජ මහා විහාරයේදී පැවිදි බව ලැබූ උන්වහන්සේ අපවත් වන විට 95 වන වියෙහි පසුවූහ.
මුල්කිරිගල මහා විහාර වංශය, ආර්ය අෂ්ඨාංගික මාර්ගය, වාග් විද්‍යාත්මක සිංහල ව්‍යාකරණ ආදී ග්රන්ථ රැුසක් ජාතියට දායාද කළ උන්වහන්සේ 2012 ජනවාරි මස 04 වැනි දින සිට රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති වශයෙන් කටයුතු කළහ.
ශ්‍රී සුමනජෝති නාහිමයන්ගේ ආදාහන පූජෝත්සවය 13 වන බදාදා දින සවස 03.00ට ගාල් සමනල ක්‍රීඩාංගනයේදී සිදුකිරීමට නියමිතය.