
ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ පිළිබඳ සාකච්ඡාවක් සඳහා සියලූම දේශපාලන පක්ෂවල ලේකම්වරු ලබන 11 වැනිදා මැතිවරණ කොමිසමට කැඳවා තිබේ.
මෙහිදී ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සහ මේ වනවිටත් කල් දමා ඇති පළාත් සභා මැතිවරණ සම්බන්ධව සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තාවේ.
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්රිය මහතාගේ ප්රධානත්වයෙන් 11 වැනිදා පස්වරු 2.00ට මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතය.
මෙම සාකච්ඡුාවේදී මැතිවරණවලට අමතරව ඡන්ද හිමි නාමලේඛනයේ ප්රතිශෝධන කටයුතු සම්බන්ධව දේශපාලන පක්ෂ දැනුවත් කිරීමට සහ පසුගිය පළාත් පාලන ඡන්ද විමසීමේදී ඡන්දය නොපැවැත්වු ඇල්පිටිය ප්රාදේශීය සභාවේ ඡන්ද විමසීම පිළිබඳව ද අවධානය යොමුවනු ඇති බව මැතිවරණ කොමිසම කියයි.