
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් වන තොරතුරු හෙළි වෙමින් තිබියදී ඇතැම් පිරිස් එයට එරෙහිවීම පිළිබද සිවිල් සංවිධාන නියෝජිතයන් ලෙස තමන් කණගාටු වෙන බව සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුවේ සම කැදවුම්කරු සමන් රත්නප්‍රිය මහතා කියයි.
සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව රාජගිරිය පිහිටි පිහිටි සාධාරණ සමාජයක් සදහා වු ජාතික ව්‍යාපාරයේ කාර්යාලයේ අද (9) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ සමන් රත්නප්‍රිය මහතා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ තේරීම් කාරක සභාවේ ඉදිරි කටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන් සොයා බැලිම සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ කතානායක කරු ජයසූරිය යන මහත්වරුන් මුණ ගැසීමට කටයුතු කරන බව ද පැවසීය.
මෙම තේරීම් කාරක සභාව සඳහා සහාය ලබා දෙන ලෙසට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසගෙන් ඉල්ලා සිටින බවත් රත්නප්‍රිය මහතා වැඩිදුරටත් පැවැසීය.