
අප්‍රේල් 21 දින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමට පත්කරන ලද කාරක සභාවේ කටයුතු කිසිඳු බලපෑමකින් තොරව අඛණ්ඩව කර ගෙන යාමට අවකාශය සලසා දෙන ලෙස සිවිල් සමාජ නායකයෝ කතානායකගෙන් ඉල්ලා සිටියහ.
ප්‍රධාන පෙළේ සිවිල් සංවිධාන ප්‍රධානීහු කිහිප දෙනෙක් අද (10) පස්වරුවේ කථානායක කරු ජයසූරිය මහතා හමු වූයේ වූහ.
කතානායක නිල නිවසේ පැවැති මෙම හමුවේ දී අප්‍රේල් 21 දින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමට පත්කරන ලද කාරක සභාවේ කටයුතු කිසිඳු බලපෑමකින් තොරව අඛණ්ඩව කර ගෙන යාමට අවකාශය සලසා දෙන ලෙස ඔවුහු කතානාකයවරයාගෙන් ඉල්ලා සිටියහ.
මෙහිදී කථානායකවරයා කියා සිටියේ තේරීම් කාරක සභාව පිළිබඳව මේ දක්වා විවිධ පාර්ශ්ව පළකර ඇති අදහස් පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමේ දී සැලකිල්ලට ගැනීමට අපේක්ෂා කරන අතර සිවිල් සමාජ නියෝජිතයන්ගේ මතය ද පක්ෂ නායක රැස්වීමට ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ඇති බවයි.